තවත් සද්දන්තයෙක් විදුලිසර වැදී මරුට

  👤  2884 readers have read this article !
By mawbima 2018-01-15

යාපහුව - බණ්ඩාර හේරත්, කුරුණෑගල - සම්පත් සෙනෙවිරත්න, ඉබ්බාගමුව - මංජුල රම්බඩගල්ල

මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුඹුල්ලේගම පලුගස්වැව ග්‍රාමයේ වගාවක් සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඊයේ (14දා) වන අලියකු මියගොස් තිබිණි.
ගෙවත්තේ පැළපොල්, කෙසෙල්, බඩඉරිඟු ආදිය වගා කර ඇති අතර ඒවා වන අලින්ගෙන් බේරා ගැනීම සඳහා ගෙවත්ත වටේටම විදුලි රැහැනක් ද ඇද ඇති අයුරු දක්නට ලැබිණි. මේ රැහැන තනි කම්බියක් පමණක් වන අතර එම කම්බියට විදුලිය සපයාගෙන තිබුණේ අනාරක්ෂිත ලෙස එම නිවෙසේම විදුලි රැහැනකට සම්බන්ධ කිරීමෙනි. සිද්ධිය වීමෙන් අනතුරුව නිවෙසේ සිටි අය නිවෙසින් බැහැරව ගොස් ඇති අතර අප එහි යන විටත් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අලියා බැලීම පැමිණ තිබුණත් වගාව හිමිකරුගේ නිවෙසේ ‍ෙදාරගුළු දමා වසා තිබිණි.

අලියාගේ හොඬවැල විදුලි රැහැනේ පැටලී තිබූ අතර හොඬවැල මධ්‍යයෙහි පුපුරා ගිය ස්ථානවලින් ලේ වහනය වෙමින් තිබිණි. මෙම විදුලි වැට ක්‍රමවත් අලි වැටක් නොවේදැයි අප ගම්වාසීන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තම ප්‍රදේශයට ක්‍රමවත් විදුලි වැටක් දෙන බවට බලධාරීන් වසර ගණනාවක් බොරු පොරොන්දු දීම නිසා අද බොහෝ ගොවීන් මෙම ප්‍රධාන විදුලිය හෝ යොදා වගාවන් ආරක්ෂා කර ගැනීමට පෙලඹී ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon