ධීවර යාත්‍රාවකින් ගෙනා කෝටි තුනහමාරක කේරළ ගංජා තොගයක් සිලාවතුරේදි අල්ලයි

  👤  2709 readers have read this article !
By mawbima 2018-01-15

ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙසින් මෙරටට ගෙනැවිත් සීලාවතුර 35 කණුව ආසන්නයේ කායක්කුලිය ප්‍රදේශයේ වෙරළ තීරයෙහි සඟවා තිබූ රුපියල් කෝටි තුනහමාරක වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව සිලාවතුර පොලිසිය කියයි.

මේ ගංජා තොගයේ කිලෝ 355කුත් ග්‍රෑම් 500ක් තිබූ අතර ඒවා ගොඩබිම් කරා ගෙනා පසුව වෙනත් ප්‍රදේශයකට ගෙන යන තෙක් සිලාවතුර වෙරළ තීරයෙහි ලඳු පඳුරු අතර ගංජා තොගය සඟවා තබා තිබියදී ලද තොරතුරක් මත කළ සෝදිසියකදී මේ කේරළ ගංජා තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
මේ වැටලීම පිණිස නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයේ නිලධාරීන්ගේ සහාය ලද බවත් කියයි. මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන සංවිධානාත්මක කේරළ ගංජා ජාවාරම්කරුවන් පිරිසක් විසින් මේ කේරළ ගංජා තොගය ගෙනැවිත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මන්නාරම පොලිස් අධිකාරි එච්.එම්.එස්. පීරිස්, සහකාර පොලිස් අධිකාරි ඪඪ නයනප්‍රිය එදිරිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත විස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාතිලක, සැරයන් සෙනවිරත්න (429487) හා කොස්තාපල්වරුන් වන හමීඩ් (12204), කුමාරසිංහ (60367), ගජරූබන් (6203)} නිමල්චන් (8350), නිශාන්තන් (5941) හා පොලිස් රියැදුරු සමරවීර (16525) යන මහත්වරු මේ වැටලීමට එක්ව සිටියහ.

අත්අඩංගුවට පත් කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු පිණිස සීලාවතුර පොලිසියට භාරදී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon