වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්න උදවු ඉල්ලන පුංචි විමුක්ති

  👤  2738 readers have read this article !
By mawbima 2018-01-15

මෙලොව එළිය දකින සෑම මනුෂ්‍යයෙක්ම සුවිශේෂී වූ පුද්ගල චරිතයකි. සෑම මනුෂ්‍යයෙක්ම තම සසර පුරුදු උරුම කොටගෙන උත්පත්තිය ලබති. මේ අතර ප්‍රබලතා මෙන්ම දුබලතාද දැකිය හැකිය. කිසියම් කායික දුබලතාවක් සහිතව උපත ලද වුවද ස්ථීර හා ඒකායන
අධිෂ්ඨානයකින් හෙබි අපූරු කුඩා සිඟිත්තකු පසුගිය 11දා අපට අරණායක මැතිවරණ කොට්ඨාසයේ ගංතුන උඩගම වසමේදී හමුවිය.

ඔහු නමින් ජී. ඉසුරු සම්පත් විමුක්ති කුමාරය. අපි ඔහුට විමුක්ති යැයි කියමු. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 7කි. අරණායක මැතිවරණ කොට්ඨාසයේ අංක ඊ - 11, හදබිම ජනපදය, ගංතුන උඩගම යන ලිපිනයේ පදිංචිව සිටී. ඔහුගේ පියා ජී. නිරෝෂන් ප්‍රදීප් කුමාර වන අතර මව එම්. පී. ප්‍රියංගිකා සඳමාලිය. පියා කුලී වැඩ කර එදිනෙදා ජීවිකාව ගෙන යයි. වසර තුනක් පමණ වන කුඩා නැඟණියක්ද පුංචි විමුක්තිට සිටී.

විමුක්ති උපදින විටම කිසියම් කායික උෟනතාවක් සහිත බව මවුපියන්ට වැටහී ඇත. අත් දෙකේ ඇඟිලි සහ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස ඉතාමත් සිහින්ව පිහිටා තිබී ඇත. මේ නිසා වසර ගණනාවක් කොළඹ ජාතික රෝහලේ සහ ළමා රෝහලේ ළඟ තබා ගෙන නොවිඳිනා දුක් විඳිමින් විමුක්තිගේ කායික දුබලතා යථා තත්ත්වයට පත් කර ගැනීමට විමුක්තිගේ මවුපියන් වෙහෙසී ඇත. අවසානයේදී වසර 5ක් පමණ වන විට දෑතේ ඇඟිලි යම් තරමක් දුරට සකස් කර ඇත. ඒ බඩ පැත්තෙන් ශල්‍යකර්මයක් කර මාංස පේශි ලබාගෙන ඇඟිලිවලට සම්බන්ධ කිරීමෙනි. නමුත් විමුක්තිගේ දකුණු අතේ ඇත්තේ ඉතාමත් මොළකැටි ඇඟිලි තුනක් පමණකි. වම් අතේ ඇඟිලි 4ක් පිහිටා ඇත. වම් පාදයේ ශල්‍යකර්මයක් මඟින් දණහිසෙන් පහළ කොටස ඉවත් කර ඇත. මේ වන විට තාවකාලික කෘත්‍රිම පාදයක් සවි කරගෙන පාසල් යයි.

මෙම දුබලතා සමඟ විමුක්ති ප්‍රබලතා රැසක්ද උරුම කරගෙන උපන්නෙකි. මේ වන විට විමුක්ති ගංතුන මැදගම කනිෂ්ඨ විද්‍යාලයේ තුන්වැනි ශේ්‍රණියේ අධ්‍යාපනය ලබයි. කායික දුබලතා පරයමින් ඔහු ඉතා ශක්තිමත් මනසින් හෙබි අයෙකි. මවුපියෝ පවසන පරිදි විමුක්ති පාසල් යැවීමටත් පෙර සිටම වෛද්‍යවරයෙක් වීමට සිහින දකින්නෙකි. "මම කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා." මේ විමුක්ති පාසල් යෑමටත් පෙර සිටම කීමට පුරුදු වී ඇති වදනකි. මේ කිසිවක් සඳහන් කිරීමට පෙර විමුක්ති පාසල් ගිහිල්ලා මොනවද කරන්න හිතන්නේ යැයි අපිද විමසුවෙමු. ඔහු නොපැකිළිව හා අධිෂ්ඨානශීලී ලෙස ප්‍රකාශ කළේ "මං ඩොක්ටර් කෙනෙක් වෙනවා" යනුවෙනි. විමුක්ති පාසලේ 1 ශේ්‍රණියේදී ඔහු පන්තියේ සිටින අනෙකුත් සියලුම ළමයින් අභිභවා

පළමු ස්ථානය ලබාගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ විමුක්ති ඉගෙන ගන්නා පාසල සාමාන්‍ය
ළමයින් යන පාසලක් වීමයි. ඒ අනුව ඔහු අනෙකුත් සියලුම සාමාන්‍ය ළමයින් අභිභවා දක්ෂතා දක්වා ඇත්තේ වෛද්‍යවරයකු වීමේ සිහිනයද තුරුලු කරගෙනය.
විමුක්ති පිළිබඳව හඬ අවදි කරමින් ඔහුගේ මවුපියන් මෙසේ විස්තර කළේය. "පාසල් යවන කල්ම මේ දරුවා ඉස්පිරිතාලෙ ගාණේ තියාගෙන තමයි අපිට ඉන්න වුණේ. මොකක් හෝ කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන මම කොළඹ යනවා. ගිහිල්ලා පාන් කාලයක් කාලා පිටකොටුවේ නිදාගෙන සතියක් විතර ඉඳලා මෙයාලා බලලා යන්න තමයි ආපසු ගෙදර එන්නේ. ඒ ඇවිල්ලත් ආයේ දවසකින් දෙකකින් ගිහින් අර වගේම සතියක් විතර කොළඹ ඉන්නවා. ඔය විදියට තමයි පළමු වසර 5ම ගෙවුණේ. ඉස්කෝලෙට භාර දුන්නට පස්සේත් පළමු පන්තියේදී වැඩි දවසක් හිටියේ ඉස්පිරිතාලේ. එහෙම ඉඳලත් තමයි පළමු වසරේදී දෙවැනියා වුණේ" යැයි විමුක්තිගේ පියා වන ප්‍රදීප් කුමාර පවසයි.
මෙයා හැම වෙලාවෙම කියන්නේ කොහොම හරි උගන්වන්න. මම කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලයි. එහෙම කියද්දී අපිට වාවගන්න බැහැ. මොකද ‍ෙදාස්තර මහත්වරු කියන්නේ දැනට දාන කෘත්‍රිම කකුල ලොකු වෙද්දී ඒ කියන්නේ අවුරුදු 10දී මාරු කරන්න ඕන කියලයි. ඒ සඳහා කොළඹ 8, මරදාන පාරේ,

1041/241 දරන ස්ථානයේ පිහිටි ඕඥතධඹ ම්දඥඥ ර්ථීපධඵබඩඥඵඪඵ ඉරදඥපඨර - ර්ථීපධඵබඩඥබඪජඵ } ර්ණීපබඩධබඪජඵ කියන ආයතනයෙන් කෘත්‍රිම පාදයක් මිලදී ගෙන සවි කරන්න ඕනෑ කියලා. ඒ කකුල නවන්න එහෙම පුළුවන් විශේෂ එකක්ලු. මේ සඳහා රුපියල් ලක්ෂ 4ක් විතර වැය වෙනවා කියලා තමයි වෛද්‍යවරු සහ ඒ ආයතනයෙන් කියන්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ මුදල හොයාගන්නේ කොහොමද කියන එකයි" යැයි විමුක්තිගේ මව ප්‍රියංගිකා කඳුළු පිරි දෑසින් යුතුව සඳහන් කරන්නීය.

විමුක්තිගේ වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්නට උපකාර කිරීමට බලාපොරොත්තු වන අයෙක් වෙතොත් අංක 072-9408459 දරන දුරකතන අංකය අමතා ඔහුගේ පවුලේ අයකු හා සම්බන්ධ විය හැකිය.

දෙවනගල - ජනනාත් වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon