මන්චි නැවතත් අංක 1 බව තහවුරු කරයි

  👤  3467 readers have read this article !
By mawbima 2018-01-14

පසුගියදා පැවැත්වුණු ස්ලිම් වෙළෙඳ සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කාගේත් අවධානය දිනා ගැනීමට 'මන්චි' සමත් විය. මෙහිදී වසරේ විශිෂ්ටතම වෙළෙඳ සන්නාමයට (ඕපචදඤ ධට බඩඥ කඥචප) හිමි රන් සම්මානය ඇතුළුව සම්මාන 6ක් දිනා ගැනීමට මන්චි සමත් විය. මේ නිසාම ලබාගත් මෙම සම්මානය පිළිබඳ මෙන්ම, මන්චි විශිෂ්ටත්වය පිළිබඳව අප හා සාකච්ඡාවට එක්වූයේ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ්හි සමූහ අධ්‍යක්ෂ නන්දන වික්‍රමගේ මහතායි.

මන්චි ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වුවොත්
මෙවරත් අපිට මෙම සම්මාන උළෙලේදී කාගේත් අවධානය යොමුවන ඕපචදඤ ධට බඩඥ කඥචප මන්චි සඳහා සම්මානය දිනාගැනීමට හැකියාව ලැබුණා. මන්චි වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයට ලක්වීම පිළිබඳ අප සතුටු වන්නේ එහිදී සන්නාමයකට අදාළ සියලු අංශ පිළිබඳව ඉතා තියුණු ලෙස ඇගැයීමකට ලක්වන නිසයි. එනම් තරගකාරී වෙළෙඳපළක් තුළ ලබා ගන්නා වර්ධනය, වෙළෙඳපළ වර්ධනය උදෙසා දක්වන ලද දායකත්වය, නවෝත්පාදක භාවය මෙන්ම ප්‍රජාවගේ උන්නතිය උදෙසා සිදු කරන මෙහෙයද එහිදී සලකා බලන බව සඳහන් කළ යුතුය. ඒ නිසා මන්චි සන්නාමය හා සබැඳි විශිෂ්ටත්වය ඒ තුළින් අගැයීමකට හා පිළිගැනීමකට ලක්වී ඇති බව සඳහන් කළ යුතුයි. ඒ වගේමයි ස්ලිම් වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උළෙලකදී මෙම ඕපචදඤ ධට බඩඥ කඥචප සම්මානය සිලෝන් බිස්කට්ස් ආයතනය දිනාගත් හත්වන වතාව වගේම 'මන්චි' මෙම සම්මානය දිනාගත් පස්වැනි වතාව තමයි මේ. ඊට අමතරව මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සමාජයීය වගකීම් ඉටුකිරීමේ සන්නාමයට හිමි රන් සම්මානය, වසරේ විශිෂ්ටතම භාණ්ඩ සන්නාමය හිමි රන් සම්මාන, වසරේ විශිෂ්ටතම දේශීය සන්නාමයට හිමි රන් සම්මානය, වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළෙඳ සන්නාමයට හිමි රිදී සම්මානය, වසරේ විශිෂ්ටතම නව ප්‍රවේශික හිමි රිදී සම්මානය, හා වසරේ විශිෂ්ටතම දේශීය වෙළෙඳ සන්නාමයට හිමි රිදී සම්මානය කියන සම්මාන දිනා ගත්තේ 'මන්චි' විසින් වීම විශේෂත්වයයි. අප ඉතා කැපවීමෙන් පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබාදීම වෙනුවෙන් පාරිභෝගික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි මේ. එම නිසාම මෙම සම්මාන අපට ඉතා වැදගත්. ඒ වගේම එය ඉතා ඉහළ ශක්තියක්.

මේ අයුරින් සම්මාන රැසක් දිනාගැනීමට 'මන්චි' තුළ තිබෙන විශිෂ්ටත්වය පිළිබඳව කතා කළොත්
ඇත්තටම අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ගුණාත්මක බවින් ඉහළම නිෂ්පාදන ජනතාව වෙත ලබාදෙන්නයි. ඒ සඳහා නවීන තාක්ෂණය, අති නවීන යන්ත්‍ර සූත්‍ර වගේම ගුණාත්මක බවින් ඉතා ඉහළ අමුද්‍රව්‍ය අපගේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නවා. ඒ වගේමයි දේශීය වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ තමයි 'මන්චි' විශිෂ්ටත්වය. මූලිකම රහස. ඒ වගේමයි අපගේ අලෙවි කාර්යයන් අපි ඉතා වෙනස් විදියට සිදු කරනවා. අපි අපගේ නිෂ්පාදන ඉතාම වෙනස් හා නවමු ආරකින් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරනවා. අපගේ වෙළෙඳ දැන්වීමක් වුණත් අපි නිර්මාණය කරන්නේ ඉතාමත් නිර්මාණාත්මක අයුරින්. ඒ නිසයි ජනතාව දිගින් දිගටම 'මන්චි' වෙත ආකර්ෂණය වෙන්නෙ.

පොදුවේ ගත්කල සන්නාමයක් ලෙස සියලු අංශයන්හි මන්චි දක්වන විශිෂ්ටතාව ඇගැයීමට ලක්වී තිබෙනවා.
මෙම සම්මාන සියල්ලක්ම දිනාගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කිරීමට ඔබට අවස්ථාව ලැබුණා. ඒ ගැනත් මතක් කරමු නේද?
මම 2000 වසරේදී තමයි සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි හා වෙළෙඳ අංශය භාරගත්තෙ. ඒ වෙනකොට මන්චි වෙළෙඳපොළ ප්‍රතිශතය තිබුණෙ 23%යි. මේ වෙනකොට එම ප්‍රතිශතය 50%කට වර්ධනය කරන්න මට හැකිවෙලා තිබෙනවා. ඒ වගේමයි 4%ක වෙළෙඳපොළ ප්‍රතිශතයක් තිබුණු රිට්ස්බරි අලෙවිය මේ වෙනකොට 57%ක් ලෙස වර්ධනය කිරීමට මට හැකිවුණා. මේ සඳහා අලෙවි හා වෙළෙඳ අංශයේ මෙන්ම සමාගමේ අනෙකුත් අංශවලිනුත් ලැබුණ සහයෝගය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපි ලබාගත් සන්නාම සම්මාන සියල්ලක්ම මගේ නායකත්වය යටතේ ලබාගැනීමට හැකිවීම ඉතාමත් ආඩම්බරයෙන් සිහිපත් කරන්න පුළුවන්.
'මන්චි' අපනයන වෙළෙඳපළත් ජයගෙන තිබෙනවා නේද? ඒ පිළිබඳව විස්තර කතා කළොත්.

ලෝකයේ මහාද්වීප, උප මහාද්වීප ආවරණය වන පරිදි රටවල් 55කට අධික ප්‍රමාණයකට 'මන්චි' නිෂ්පාදන අපි අපනයනය කරනවා. මේ රටට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට අපට හැකියාව ලැබිල තිබෙනවා. මේ නිසාම 2017 ව්ඛ්ඡ් අපනයන සම්මාන උළෙලේදී විශිෂ්ටතම අපනයනකරු, කර්මාන්ත අංශයේ විශිෂ්ටතම අපනයනකරු, මහ පරිමාණ කර්මාන්ත අංශයේ විශිෂ්ටතම අපනයනකරු හා අගය එකතු කරන ලද නිෂ්පාදන අංශයේ වසරේ විශිෂ්ටතම අපනයනකරු යන සියලුම රන් සම්මාන දිනා ගැනීමට සිලෝන් බිස්කට්ස් සමාගම සමත් වුණා.

මේ සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජීය වගකීම් ඉටුකිරීමේ සම්මානයත් මන්චි සඳහා හිමිවුණා. ඒ පිළිබඳවත් මතක් කරමුද?
ඔව්. මේ රටේ විශිෂ්ටතම ආයතනයක් විදියට අපි සමාජමය වගකීම් ඉටුකිරීම පිළිබඳවත් ඉතා ඉහළ අවධානයක් යොමුකරනවා. මෙහිදී කියන්න කැමැතියි ගුණාත්මක බවින් ඉතා ඉහළ නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත්කිරීමට අප සිදුකරන ඉහළ සමාජ සත්කාරයක්. මෙහිදී 'මන්චි සමඟ ගමට සරණ' ප්‍රජා සත්කාරක වැඩසටහන ඉතා සුවිශේෂයි. මෙහිදී රටේ දුෂ්කර පළාත්වල පාසල්වලට පුස්තකාල, පානීය ජල, පරිගණක විද්‍යාගාර ආදී පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඊට අමතරව 'මන්චි ටිකිරි ශිෂ්‍යාධාර', 'මන්චි සිසු දිරිය ආදී වැඩසටහන් ඉතා සුවිශේෂයි. ඒ වගේමයි රටේ ජාතික ක්‍රීඩාවට දිරිදෙමින් 'මන්චි වොලිබෝල් ශූරතාවලිය' වසර 10ක් පමණ අඛණ්ඩව අනුග්‍රහකත්ව ලබාදී තිබෙනවා. ඊට අමතරව සුපුරුදු ක්‍රීඩා වැනි අපේ පාරම්පරික ක්‍රීඩාවන් රැක ගැනීම සඳහා ද අඛණ්ඩව මන්චි සන්නාමය යටතේ අතහිත දෙනවා. ඒ වගේම කලා හා සංස්කෘතික කටයුතු සඳහාත් අපගේ දායකත්වය නිරතුරුවම ලබා දීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අවසාන වශයෙන් ජයග්‍රහණවලට උරදුන් අයවත් මතක් කරමුද?
මම මුලින්ම කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුයි ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සියලුම සේවක මණ්ඩලය. ඒ වගේමයි අපගේ පාරිභෝගික ජනතාව. විදේශීය ව්‍යාපාරික හවුල්කරුවන්, බෙදාහැරීම් නියෝජිතයන්, සැපයුම්කරුවන්, රාජ්‍ය ආයතන ආදී සියල්ලන්ම අපත් මෙම ජයග්‍රහණයට ශක්තියක් වනවා. ඒ සියලුම දෙනාට මගේ හද පිරි ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

ළහිරු ධනංජය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon