වරදේ බැඳුණු ජීවිතය අතැර රන් රස සේ එක්වෙන රාජකීය සුරතලා

  👤  3816 readers have read this article !
By mawbima 2018-01-14

එංගලන්ත පාපන්දු කැලැන්ඩරයේ ඉතාම වැදගත් දවස නමින් හැඳින්වෙන්නේ වාර්ෂික පාපන්දු ශූරතාවලියේ අවසාන මහා තරගය
(ජ්ඒ ඛ්භන ජ්චඪදචත) පැවැත්වෙන ප්‍රීතිමත් දවසයි. මේ වසරේ එම උත්කර්ෂවත් මහා තරගය ලබන මැයි 18දා ලන්ඩන් එඥථඡතඥර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
පාපන්දු ශූරතා අවසාන මහා තරගයෙන් දිනන පාපන්දු සමාජයට ජයග්‍රාහී කුසලානය පිරිනැමෙන්නේ එංගලන්තයේ පාපන්දු සංගමයේ ගරු සභාපතිතුමාගේ අතිනි. නමුත් මෙවර සභාපතිතුමා මෙම වැදගත්ම උත්සවයට සහභාගි වන එකක් නැතැයි බි්‍රතාන්‍ය ජනමාධ්‍ය දැනටමත් අනුමාන කරයි. ඇත්තෙන්ම ගරු සභාපතිතුමාට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකටය.

පාපන්දු ශූරතාවලියේ අවසාන මහ තරගයට සභාපතිතුමා අනිවාර්යයෙන් සහභාගි විය යුතුය. නමුත් එතුමාගේ ආදරණීය බාල සොයුරා උත්සවාකාරයෙන් විවාහ වෙන්නෙත් එදාටමය.

පාපන්දු අවසාන මහා තරගය ලංකාව ඇතුළු ලොව වටා රටවල් 102ක මිලියන 88ක ජනතාවක් රූපවාහිනියෙන් නරඹන නිසා සභාපතිතුමා ඔහුගේ මල්ලීගේ මඟුල අමතක කොට මෙම තරගයට සහභාගිි විය යුතු නේදැයි ඔබ සිතනු ඇත. නමුත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත එතුමාගේ මල්ලීගේ මංගල උත්සවය ලොව වටා රූපවාහිනි ප්‍රේක්‍ෂකයන් මිලියන 300ක් නරඹන්නට නියමිතය.

එංගලන්තයේ පාපන්දු සංගමයේ ගරු සභාපතිතුමා අන් කිසිවකු නොව එලිසබෙත් මහ රැජනගේ මුනුුපුරා හා බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි දෙවැනියා වූ විලියම් කුමාරයාය. මැයි 18දා අති විශිෂ්ට රාජ්‍ය මංගල්‍යයකින් විවාහ දිවියට පිවිසෙන්නේ ඔහුගේ එකම සොයුරා වූ 33 හැවිරිදි හැරී කුමාරයාය.
බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා හා සුන්දර ඩයනා කුමාරියට දාව 1984 සැප්තැම්බර් මස 15 වැනිදා උපත ලද හෙන්රි චාල්ස් ඇල්බඩ් ඩේවිස් හෙවත් හැරී කුමරුගේ විවාහ ගිවිස ගැනීම පසුගිය නොවැම්බර් මාසයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමත් සමඟම මිලියන ගණන් බි්‍රතාන්‍ය ජාතිකයන් බලවත් උද්දාමයට පත්විය. චාල්ස් කුමරු විවාහ වූ ඩයනා කුමරියත් විලියම් කුමරු අතිනත ගත් කේට් කුමරියත් ඉංග්‍රීසි ජාතිකයන් වූ නමුත් හැරී කුමාරයා බඳින්නට යන්නේ මේගන් මේකල් නමැති ඇමෙරිකන් නිළියකි. ඇය හැරී කුමරුට වඩා වසර හතරක් වැඩිමහල්ය. එපමණක් නොවේ, මේගන් මේකල් මිශ්‍ර සම්භවයක් (ථඪයඥඤ පචජඥ) ඇති හා වරක් දික්කසාද වූ කාන්තාවකි.

මෙක්සිකන් ජාතික තෝමස් මේකල්ට දාව ඇමෙරිකන් සමාජ සේවිකාවක වූ ඩොරියා ලොයිස්ගේ කුසින් 1981 අගෝස්තු 4 වැනිදා මේගන් මේකල් උපත ලද්දාය. මේගන්ට වයස හය වනවිට ඇයගේ මවුපියෝ දික්කසාද වූහ. මේගන්ගේ සීයා අප්‍රිකානු ජාතිකයෙකි. මේගන් මේකල් මෙනෙවිය වෘත්තියෙන් රූපවාහිනි හා හොලිවුඩ් නොවන සාමාන්‍ය නිළියකි. හත් වසරක ප්‍රේම සම්බන්ධයකින් පසු ඊපඥමධප
ඡ්දඨඥතඵධද නමැති නළු හා නිෂ්පාදකවරයා සමඟ 2011 දී යුග දිවිය ඇරඹූ ඇය 2013 දී ඔහුගෙන් දික්කසාද වූවාය. ඔවුනට දරුවන් නොමැත.
2016 දිනක ලන්ඩන් මිතුරකුගේ ගෙදර පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකදී හැරී කුමරු මුල්වරට මේගන් මේකල් දුටුවේය. සතියක් ඇතුළත ඔවුහු පෙම් යුවළක් බවට පත්වූහ. "එදා මේගන්ව පාටි එකේදී දැක්ක ගමන් මම හිතුවා මෙයා තමයි මම කවද හරි බඳින්නේ කියා"
හැරී කුමරු විවාහ ගිවිසගත් පසු පැවැත්වූ ප්‍රථම පුවත්පත් හමුවේදී ප්‍රකාශ කළේය. " අපි අවුරුද්දක්ම හොර රහසේ ඇමෙරිකාවේදීත්, එංගලන්තේදීත් හමුවුණා. චිත්‍රපට බලන්න ගියා. මුහුදු වෙරළෙ ඇවිද්දා. විනෝදෙට කඳු නැග්ගා. නමුත් අවුරුද්දක්ම ඔයාලට අහුනොවෙන්න අපි රහසේ තමයි ඔක්කොම කළේ" හැරී පැපරාසින් දෙස සිනහමුසු මුහුණින් බලමින් කියා සිටියේය.

හැරී කුමාරයා හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට සුන්දර ළමා කාලයක් නොතිබුණු බව මුළු ලොවම දනී. එයට මුල්ම හේතුව වූයේ ලොව ඉතාම ලස්සන යුවතිය යයි විරුදාවලී ලැබූ ඔවුන්ගේ මව ඩයනා කුමරිය ඉතාම අවාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කළ නිසාය. මුළු ලොවම බෙහෙවින් ආදරය කළ ඩයනාට ඇගේ සැමියා කිසිවිටෙක ආදරය නොකළේය. 20 හැවිරිදි සුන්දර තරුණියක වූ ඩයනා කුමරිය 1981දී චාල්ස් කුමාරයා හා විවාහ වනවිට ඔහුගේ වයස 32කි. ඒ වන විටත් චාල්ස් කුමරු කැමිලා බොවල්ස් නමැති විවාහක කාන්තාවක් සමඟ රහසිගත ප්‍රේමයකින් වෙළීි සිටියේය.

අවුරුදු කිහිපයකට පසු ඩයනාට මේ සම්බන්ධය ආරංචි විය. චාල්ස් කුමාරයා තමා රැවටූ බව දැනගත්දා සිට ඇය සිටියේ හැඬ­ූ­
කඳුළෙනි. චාල්ස් කුමරුගේ නොපනත්කම් ඉවසන්නට බැරි වූ තැන 1995දී මුළු ලොවම පුදුමයට පත් කරමින් ඩයනා කුමරිය ඔහුගෙන් දික්කසාද වූවාය. දරු දෙදෙනාත් සමඟ ඇය කෙන්සිටන් මාලිගයේ නැවතුණු අතර චාල්ස් කුමරු ශාන්ත පෝල් මාලිගාවට වී හොර පෙම්වතිය සමඟ විනෝද විය.
අම්මා හා තාත්තාගේ දික්කසාද වීම පුංචි විලියම් හා හැරීගේ බලවත් දුකට හේතු වූ බව අමුතුවෙන් කිවයුතු නැත. එක සතියක අම්මාගේ මාලිගාවේත් ඊළඟ සතියේ තාත්තාගේ මාලිගාවේත් මාරුවෙන් මාරුවට නැවතී සිටීමට සිදුවීම ඔවුන්ගේ ඔළු අවුල් කරන්නක් විය. එයට වසරකට පසු මුළු ලොවම කම්පා කරමින් සුන්දර ඩයනා කුමරිය භයානක රිය අනතුරකට ලක්ව පැරීසියේදී මරණයට පත්විය. එදා මුළු ලොවම එකම මළ ගෙයක් විය.

1997 සැප්තැම්බර් 1 වැනිදා ඩයනා කුමරිය අවසන් ගමන යද්දී මිලියන 2000 (බිලියන දෙකක) ලෝක ජනතාව රූපවාහිනිය නැරඹූහ. ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසක් රූපවාහිනිය නැරඹූ සිද්ධිය එයය.
12 හැවිරිදි හැරී කුමාරයා තම සොයුරා, පියා හා සීයා සමඟ මවගේ දේහය පිටුපස සැතපුම් දෙකක් තිස්සේ හෙමින් හෙමින් ගමන් කිරීම හද සසලවන දර්ශනයක් විය.
ඩයනාගේ මරණයෙන් වසර කිහිපයකට පසු චාල්ස් කුමාරයා තම පෙම්වතිය වූ කැමිලා පාකර් බෝල්ස් ඛ්චථඪතතච ර්ථීචපඬඥප ඕධඹඥතඵ සමඟ විවාහ විය. හැරී හා විලියම් කුමරුට කුඩම්මෙක් ලැබිණි.

ඡ්චබධද ඕඨඬච විද්‍යාලය යනු මහා බි්‍රතාන්‍යයේ ඉහළම පාසලය. එම පාසලෙන් උසස් පෙළ සමත් වීමෙන් පසු ඔහු යුද හමුදාවට බැඳී හෙලිකොප්ටර් නියමුවකු වශයෙන් ඇෆ්ගනිස්තානයේද සේවය කළේය.

ස්වස්තික ලාංඡනය සහිත නාසි ඇඳුමෙන් සැරසී යාළුවකුගේ ජ්චදජර ඤපඥඵඵ නචපබර සාදයකට සහභාගී වීම නිසා ඔහුට බි්‍රතාන්‍යය පුරාම විරෝධය පළ විය. හැරී කුමරු ඒ සිද්ධිය ගැන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීය. විනෝදකාමී ඔහුට පෙම්වතියන් දුසිම් ගණනින් සිටියේය. පසුගිය වසරේ ඹ්ධදඤධද ඊඪථඥඵ පත්‍රය සමඟ කළ සාකච්ඡාවකදී හැරී කුමරු අතීතය මතක් කරමින් කියා සිටියේ තමා තරුණ වයසේදී දඩබ්බරයකු වූයේ තම ආදරණීය අම්මා නැති වීමෙන් පසු ඇති වූ ශෝකය දරාගත නොහැකි වූ නිසා බවය. "තරුණ කාලෙදී අම්මගේ වියෝව ගැන හිතලා මම ලෙඩ වුණා. මම මත්පැන්වලට ඇබ්බැහි වූණා. මම යාළුවන් සමඟ ලන්ඩන් රාත්‍රි සමාජවලට ගොස් හොඳටම බීලා හතරගාතෙන් එළියට එන්නට පටන් ගත්තා. වරක් දෙවරක් මත්ද්‍රව්‍ය භාවිත කළා. මට රාජකීය කුමාරයෙක් විදිහට ජීවත් වීමත් එපා වුණා. පසුව මනෝ චිකිත්සකවරයකුගෙන් අවුරුදු දෙක තුනක් බෙහෙත් අරන් තමයි මම සනීප වුණේ. දැන් මට හො¼ද නරක හො¼දට තේරෙනවා. පුංචි කාලේ මට අම්මාගෙන් නොලැබුණු ආදරය දැන් මට මගේ පෙම්වතිය මේගන්ගෙන් ලැබෙනවා. අපි දෙන්නා ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරාවි කියලා මට හොඳටම විශ්වාසයි"

ඩයනා කුමරියගේ මරණය ගැන හැරී මෙසේ කියයි "ඒ දවස මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මමයි, අයියයි, තාත්තායි ආත්තම්මගේ (මහ රැජන) ස්කොට්ලන්තේ තියන බැල්මොරල් මාලිගාවේ නිවාඩුවක් ගත කරමින් හිටියේ. අම්මා මැරුණේ රෑ 2ට විතර. අපි දෙන්නා එතකොට හොඳටම නිදි. පැරිස් තානාපතිතුමා තාත්තාට ටෙලිෆෝන් කරලා ආරංචිය දීලා තියෙන්නේ. අපි උදේ නැඟිටලා කෑමට පහළට ආවාම ආත්තම්මා සීයා සේවකයෝ ඔක්කෝම බොහොම දුකෙන් සිටි නිසා මොකක් හරි භයානක දෙයක් සිදුවෙලා කියලා මටත් දැනුණා. ඊට පස්සේ තාත්තා අපිව විසිත්ත කාමරේ වාඩි වෙන්න කියලා හෙමින් හෙමින් කිව්වා අම්මා අප ළඟට ආයෙත් කවදාවත් එන්නේ නැහැ. එයා හදිසි අනතුරකින් නැති වුණා කියලා. මට මගේ ලෝකය කඩා වැටෙනවා වගේ දැනුණා. ඇස් නිලංකාර වුණා. තාත්තාව බදාගෙන අයියයි මමයි ඇති වෙන්න ඇඬුවා.
අපේ අම්මාගේ අවමඟුල දවසේ අයියයි මමයි අම්මාගේ දේහය පිටිපස්සේ ගමන් කළ යුතු යැයි කියලා තීරණය කළේ රජ මාලිගාවේ ඉහළ නිලධාරීන්. ඒක බොහොම වැරදි වැඩක්. මට වුවමනා වෙලා තිබුණේ කාමරේ ‍ෙදාර වහගෙන තනියම විලාප දිදී අඬන්නයි, වැළපෙන්නයි විතරයි. අකැමැත්තෙන් වුණත් එදා එහෙම අම්මා පිටුපස ගමන් කරමින් ඇයට ගෞරව කරන සිදුවීම ගැන මම අද සතුටු වෙනවා. නමුත් මින්මතු කිසිම දවසක පුංචි ළමයකුට අම්මාගේ දේහය පිටුපස ගමන් යන්න කවුරුවත් බල නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා" හැරී කුමරු තවදුරටත් ප්‍රකාශ කළේය.

නමුත් වයසින් මුහුකුරා යනවිට දඟ හා නරක වැඩවලින් මිදුණු හැරී කුමරු ඉතා ආදර්ශවත් චරිතයක් විය. කැප්ටන්වරයකු වශයෙන් උසස් වීමක් ලබා හමුදා සේවයෙන් අයින්වූ හැරී කුමරු ඩයනා කුමරිය සම්බන්ධ වී සිටි නොයකුත් පුණ්‍යායතනවලට එක්වී විශාල සමාජ මෙහෙවරක යෙදෙමින් සිටී. පසුගිය වසර කිහිපයේදී ඔහු අප්‍රිකාවේ නොදියුණු රටවල සංචාරය කරමින් එම රටවල දුගී ජනතාවගේ ජීවිත ගොඩනැංවීමට අතහිත දුන්නේය. මුදල් පරිත්‍යාග කළේය. ඒ නිසාම එදා එඪතඤ ඛ්ඩඪතඤ නොහොත් "රාජකීය පිස්සා" නමින් හැරීව හැඳින්වූ බි්‍රතාන්‍ය පුවත්පත් දැන් ඔහුට "ච්චපතඪදඨ ධට බඩඥ ව්චබඪධද" යන නම්බු නාමය පිරිනමා ඇත.

බි්‍රතාන්‍ය පත්තර කියන්නේ සුන්දර
ළමාවියක් නොතිබුණ හැරී කුමාරයාට වාසනාවන්ත අනාගතයක් ලබා දීමට සමත් ලස්සන මනමාලියක් ඔහුට ලැබී ඇති බවය. හැරී කුමාරයා මේගන් මේකල් අතේ පැලැන්දු විවාහ ගිවිස ගැනීමේ මුද්දේ දියමන්ති දෙකක් ලබාගෙන ඇත්තේ ඩයනා කුමරියගේ රන් මැණික් ආභරණ ගොඩිනි. (ඩයනා කුමරියගේ මංගල මුද්දේ තිබුණ ඵචනඩඪපඥ මැණික පැමිණියේ ශ්‍රී ලංකාවේ රත්නපුරෙනි.)

හැරී කුමරු හා මේගන් මේකල් මැයි 18 වැනිදා විවාහ වන්නේ ලන්ඩන්වලට කිලෝමීටර් 36ක් අෑත මහ රැජනගේ එඪදඤඵධප මාලිගා භූමියේ ඇති ශාන්ත ජෝශප් දෙව් මැඳුරෙහිය. ඉතා උත්කර්ශවත්ව පැවැත්වෙන මෙම මංගල උළෙලට පවුම් මිලියනයක් (රුපියල් මිලියන 200ක් පමණ) වැයවනු ඇතැයි සැලකේ. බි්‍රතාන්‍යයේ බදු ගෙවන්නන් වන අපට බරක් නොවන පරිදි මෙම මංගල්‍යයේ සියලුම වියදම් දරනු ලබන්නේ මහ රැජනය.

මෙම අති විශිෂ්ට රාජකීය මංගල්‍යය ස¼දහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අගමැතිවරු, ජනාධිපතිවරු හා විවිධ රටවල රාජ්‍ය නායකයන් 600කට පමණ ආරාධනා කෙරෙනු ඇත. එහෙත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිසිසේත්ම මංගල ආරාධනා පත්‍රයක් නොලැබෙනු ඇතැයි බි්‍රතාන්‍ය පත්තර දැනටමත් අනාවැකි කියයි.
බි්‍රතාන්‍ය රජ පවුලේ සියලුම සාමාජිකයන්, ගරු අගමැතිනිය ඇතුළු මැති සබයේ මැති ඇමැතිවරු 625ක්, ලොව ආගමික හා රාජ්‍ය නායකයන් අති විශාල පිරිසක් එක තැන රැස්වෙන මෙම දේව භූමිය ධ්ඉධ්ඉ ත්‍රස්තවාදීන්ට එක බෝම්බයකින් විනාශ කිරීමට පුළුවන් නම් ඔවුන් එය නියත වශයෙන්ම කරනු ඇත. ඒ නිසා බි්‍රතාන්‍ය කොමාන්ඩෝ භටයන්, යුද හා පොලිස් භටයන් 34,000ක් මඟුල් දින අමුත්තන්ගේ ආරක්‍ෂාව සැපයීමේ කාර්යයේ යෙදෙනු ඇත.

විවාහයෙන් පසු නව යුවළ ඩයනා කුමරිය වාසය කළ කෙන්සින්ටන් මාලිගාවට අනුබද්ධ ව්ධබබඪදඨඩචථ ඛ්ධබබචඨඥ නැමැති සුපිරි නිවෙසේ වාසය කිරීමට තීරණය කොට තිබේ.
දෙව්සිරි පී. හේවාවිදාන
ලන්ඩන් සිට

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon