රන් මසුරන් ‘යෝගා’ සම්මානය ගන්න ආවේ නැත්තේ ඇස් නොපෙනෙන නිසාලු

  👤  3291 readers have read this article !
By mawbima 2018-01-14

ජීවිතයේ ජය, පරාජය, දුක සතුට සෑම දෙයක්ම දරාගත හැක්කේ ක්‍රීඩකයකුට පමණි. කෙනකුට තම ජීවිතයේ එක්වරක් පමණක් පිදුම් ලැබිය හැකි ක්‍රීඩා භූෂණ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන විට ඔහු සිටියේ දෑසම නොපෙනෙන තරමේ ආබාධිත තත්ත්වයකය. තම ක්‍රීඩා දිවියේ පනස් වසරක් පුහුණුකරුවකු ලෙස කළ සේවයට පිරිනැමූ සම්මාන ගැනීමට නොයෑම ගැන නොදන්නා අය කුමන කතා කීවත් ඔහු කීවේ ක්‍රීඩකයකු, ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස සේවය කළ තමාට සම්මානය ලබා ගැනීමට දෙදෙනකුගේ වාරු ඇතිව වේදිකාවට නැඟීමට සිත් නොදුන් නිසා එය ලබා ගැනීමට කෙනකු නම්කර එහි සතුට නිවෙසේ සිටම ලැබූ බවයි.

රත්නපුර ගැටහැත්ත ඉලුක්පිටිය ග්‍රාමයේ ඉහලවත්ත වලව්වේ පාරම්පරික අක්‍ෂි වෛද්‍ය ලොකු මහත්තයා විජේසුන්දර හා ලීලාවතී දූල්කඳුර කුමාරිහාමිගේ පුතුන් සිවුදෙනාගෙන් බාලම පුතා ලෙස 1943.12.26 දින උපත ලද යෝගානන්ද විජේසුන්දර මහතා ඇහැලියගොඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර 1960 වසර වනවිට ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩාව වූයේ වොලිබෝල් ක්‍රීඩාවයි. එම ක්‍රීඩාවෙන් ජාතික තලයට පිවිසි ඔහු ඉන්පසු මලල ක්‍රීඩාවට පිවිස නිත්‍ය පුහුණුකරුවකුගේ පුහුණුව නොලබා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ 1964 දී මලල ක්‍රීඩා ජාතික සංචිතයට යෑමට වරම් ලැබීය. නමුත් ඒවන විටත් ඔහුට පුහුණුකරුවකු සිටියේ නෑ. ඔහුගේ වැඩිමල් සහෝදරයකුද ක්‍රීඩා කටයුතුවල නිරතව සිටි නිසා ඔහුට කොළඹ ඒඩ්ස් ඇත්ලටික් සමාජයේ සමාජිකත්වය ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙම සමාජයේ නමගිය සාමාජිකයෙකි ඩන්කන් වයිට්, එසේම මීටර් 400 ජාතික සූරතාව දිනූ ඩබ්. විමලදාස, රෝසා ඔහුගේ සමකාලීනයන්ය. පුහුණුකරුවකු නොමැතිව පුහුණු වූ නිසාම ඔහු හිතනවා ක්‍රීඩා පුහුණුකරුවකු වෙන්න.
1967 දී ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස බණ්ඩාරවෙලදී සේවයට බැ‍ෙ¼දනවා. 1970 මීටර් 110 කඩුලු පැනීමේ ජාත්‍යන්තර තරග කිහිපයකට ගියා. 1972 නැ.ජර්මනියේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ මාස 10ක පුහුණුවක් ලබා එහි විභාග සමත් වුණා. 1980 දී නැවත නැ.ජර්මනියට ගොස් එහි පශ්චාත් උපාධියට පෙනී සිට 1982 ප්‍රථම පන්තියේ සමත්කමක් ලැබුවා. පසුව ලංකාවට ඇවිත් මලල ක්‍රීඩා ව්‍යාපෘතියක් හැදුවා. පුහුණුකරුවන්ගේ අධ්‍යාපනය ස¼දහා වෙනම පාඨමාලා සාදා වසර දෙකෙන් දෙකට අදාළ තලයට ආ අය වර්ගීකරණයට ලක් කළා. 1992 වනවිට ක්‍රීඩා පාසලේ වැඩබලන අධ්‍යක්‍ෂ ධුරයට පත් හෙතෙම 1994 දී ස්ථීර අධ්‍යක්‍ෂ ධුරයට පත්ව ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව රටවල ක්‍රීඩා වැඩමුළුවලට සහභාගි වෙමින් ක්‍රීඩා අධ්‍යාපනයේ සැලසුම්කරණය ලංකාවට අවශ්‍ය පරිදි සකස් කළා. ඔහු පුහුණු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අඩකටත් වඩා ජාතික තලයේ ක්‍රීඩා දක්‍ෂතා දිනා ගන්නවා. තමරා පද්මිණි, තිලකා ජිනදාස, දිලීම් පීටර්සන්, ධම්මිකා මැණිකේ, ජයමිණි ඉලේපෙරුම, කේ.ඒ. කරුණාරත්න, මංජුල කරුණාරත්න ඉන් කීපදෙනෙක් පමණි. 2003 දී තනතුරින් විශ්‍රාම ගන්නා හෙතෙම ටික කාලයක් නිහඬව සිට නැවත මහනුවර බෝගම්බර හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිවල පුහුණුකරුවකු වශයෙන් සේවය ලබා දෙනවා. වෘත්තීය පුහුණුකරුවකු නොවන ඔහු පුරුද්දක් වශයෙන් පුහුණුවීම් කරලීමේ නිරත වෙනවා.

පසුගිය දෙසැම්බර් 26 වැනි දිනට 75 වැනි වියට පිවිසි යෝගානන්ද මහතා තවමත් ක්‍රීඩා පිටියට යෑමට ප්‍රවාහන පහසුකම් සපයන අයට තම සේවය ලබා දෙනවා.
පසුගිය වසරේ ඇසේ ආබාධයකට ශල්‍යකර්මයකට ලක්කළ ඔහුගේ දෑසේ පෙනීම හොඳටම දුර්වල වූ අතර ඔහුට වර්ණ හඳුනා ගැනීමට පවා නොහැකි වෙනවා.
ඒ ස¼දහා ඇසට බෙහෙත් එන්නත් කළ යුතු බව ශල්‍යකර්මය සිදුකළ බටහිර වෛද්‍යවරයා පැවසුවත් ඔහුට හමුවූ පානදුර දෙනිය පාරේ කුරුප්පුවැල්ල ගඟුලේ වෙද මැඳුරේ ආයුර්වේද වෙද මහතා පවසා ඇත්තේ ඇසේ පටල 09ක් පිහිටා ඇති බවත් බෙහෙත් විදීම නොකළ නිසා ඊට යටින් පිහිටි කොටසට හානිවී නොමැති නිසා සුවකළ හැකි බවයි. එම වෙද මහතාගේ ප්‍රතිකාරවලින් තරමක් සුවෙන් පසුවන බව යෝගානන්ද මහතා පැවසීය.

විදුහල්පතිනියක වූ කෞෂල්‍යා ඉද්දවෙල මහත්මිය සමඟ අතිනත ගත් යෝගානන්ද මහතාට දියණියන් දෙදෙනෙකු හා එක් පුතකු සිටින අතර සෙනෙහෙබර සීයා කෙනකි.
මහේන්ද්‍ර රන්දෙණිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon