සල්ලි ටිකකඅතට ලැබුණාම උහුලන්න පුරුදු වෙන්න ඕනෑ

  👤  3751 readers have read this article !
By mawbima 2018-01-14

කොළඹ නගරයේ තදබදයෙන් මිදෙන්න ලැබීමත් කොයිතරම් සැනසීමක්ද කියලා හිතුණේ කිරිවත්තුඩුවේ පිහිටි රයිගම් ආයතනයට යන අතරමඟදී. ගිනි ගහන අවුවේ පිච්චි පිච්චි තිබෙන ගොඩනැඟිලි වෙනුවට එහි මඟ දෙපස තිබුණේ හරිත පැහැයෙන් සිසිල සදන ගහකොළ.

වාහන තදබදය නිසා පොරොන්දු වුණු වෙලාවටම අපිට එතැනට යන්න නොහැකි වුණත් ආචාර්ය රවී ලියනගේ මහත්මයා බොහොම ආදරයෙන් අපිව පිළිගත්තා. කළු පාට කලිසමක් සහ සුදු පැහැ අත් දිග කමිසයක් ඊට ගැළපෙන ටයි පටියක් ඔහු පැලඳගෙන හිටියා. එය ආයතන ප්‍රධානියෙක්ට මනාව ගැළපෙන බවක් තමයි පෙනුණේ.
අවට පරිසරය වගේම තමයි ඔහුගේ කාර්යාලයත් හරිම නිසංසලයි. වැඩි සද්දයක් බද්දයක් නැතිව හැමෝම තම තමන්ගේ රජකාරිවල නිරත වෙලා හිටියා.
හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් කතාබහ කළාට ආචාර්ය රවී ලියනගේ කියන්නේ විශාල වගකීමක් දරන ව්‍යාපාර නායකයෙක්. දේශීය වශයෙන් සාර්ථක වුණු ව්‍යාපාර කිහිපය අතුරින් ම්ඪදඨඤධථ ධට අචඪඨචථ කියන්නේ කෙටි කලක් ඇතුළත ජයග්‍රහණ රැසක් ලබාගත් ව්‍යාපාරයක්. ඒ සාර්ථකත්වයට ළඟාවීම වෙනුවෙන් ඔහු කළ කැපවීම් ගැන, ඔහු දැරූ උත්සාහයන් ගැන දැන ගන්න තමයි කඩඉමෙන් අපි මොහුව සොයාගෙන ගියේ.

ආචාර්ය රවී ලියනගේ කියන්නේ තෘප්තිමත්ව දිවි ගෙවන පුද්ගලයෙක්ද?
මම හිතනවා මම තෘප්තිමත් මනුෂ්‍යයෙක් වගේම සාර්ථක මනුෂ්‍යයෙක් කියලා. ඇත්තටම තෘප්තිමත් භාවය හා සාර්ථකත්වය කියන්නේ සාපේක්ෂ කාරණා දෙකක්. මොකද මම තෘප්තිමත් වෙන දෙයින් තව කෙනෙක්ට තෘප්තියක් ඇති නොවෙන්න පුළුවන්. මම සාර්ථකයි කියලා හිතන දේ තවෙකකුට සාර්ථක නොවෙන්න පුළුවන්. එකිනෙකා සාර්ථක වෙන විදිය හා තෘප්තිමත් වෙන ආකාරයන් වෙනස්. ඇත්තටම තෘප්තිමත් වීම තුළින් තමයි සාර්ථකත්වය ගොඩනැඟෙන්නේ.
මම මේ රැකියාව කිරීම තුළින් තෘප්තිමත් වෙනවා. වැඩ කිරීම තමයි මගේ එකම තෘප්තිය. කවුරුහරි මගෙන් ඇහුවොත් කවදද විශ්‍රාම යන්නේ කියලා මම කියන්නේ මැරෙනකන් වැඩ කරනවා කියලයි. ඒක තමයි මගේ තෘප්තිය. එහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ මේ මිනිහා මෙච්චර හම්බ කරලත් සැන්දෑ සමය නිදහසේ නොගෙවා වැඩ කරන්න හදනවා කියලා. ඒක වැරැදියි. මොකද මම මගේ ජීවිතයේ තෘප්තිය ලබන්නේ වැඩ කිරීම තුළින් නම් ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැත්නම්, ඒ තෘප්තිය ලැබෙන දේ මම මැරෙනකන්ම කරනවා.

මුදල් හරි හම්බ කළාට, ලොකු ලොකු ගෙවල් හැදුවට, යාන වාහන ගත්තට, ඒ දේවල් නෙවෙයි සැබෑ සතුට, සැබෑ තෘප්තිය.
අත්දැකීම් කියන දේ කොහොමද සාර්ථකත්වයට ඉවහල් වෙන්නේ?

දැන් බලන්න මම පාසලේ හිටපු දක්ෂ ශිෂ්‍යයෙක් නෙවෙයි. අර නෝටි චයිල්ඩ් කියන ගණයේ දරුවෙක් තමයි මම. මම පාසලේ ඉන්නකන් කළේ වලි දාගෙන, කොකු පටලගෙන, කචල් දාගෙන අම්මයි තාත්තයි අපහසුතාවට පත්වෙන වැඩ. ඒ දෙන්නම මම ඉගෙන ගත් පාසලේ උගන්නපු ගුරුවරු. ඉන් පසුව මම විශ්වවිද්‍යාලයට ගියා, උපාධි ගත්තා, පශ්චාත් උපාධි කළා. මම හිතන්නේ ඒ හැමදේටම වඩා ර්ණීද බඩඥ අධචඤ අත්දැකීම් තමයි මනුෂ්‍යයන්ගේ සාර්ථකත්වයට බෙහෙවින්ම ඉවහල් වෙන්නේ.
අධ්‍යාපන සුදුසුකම් කියන දේ එතකොට වැදගත් නැද්ද?

මම අධ්‍යාපනඥයෙක් විදියට මේ ගැන කතා කරන්න කැමැතියි. මම 1983 තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවේ. ඊට පස්සේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හැදෑරුවා. අවුරුදු 21ක් එක දිගට මැනේජ්මන්ට් ඉගෙන ගත්තා. ඒ වසර 21 තුළ පශ්චාත් උපාධි කිහිපයක් ලබා ගත්තා. වෘත්තීය වරලත් අලෙවි කළමනාකරණය වැනි විෂයන් සම්බන්ධයෙන් දේශීය වශයෙනුත් විදේශීය වශයෙනුත් සුදුස්සෙක් වුණා. මගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන එන්න යම්තාක් දුරට මා ඉගෙනගත් විෂය කරුණු හා දැනුම ඉවහල් වෙන්න ඇති. නමුත් මම අධ්‍යාපන සුදුසුකම්වලට පරිබාහිරින් ලබාගත් ර්ණීද බඩඥ අධචඤ අත්දැකීම් නිසා තමයි මේ තරම් සාර්ථක වුණේ. හැමෝටම මේක ඉතා හොඳ පූර්වාදර්ශයක්.

ඔබ කියන්නේ කොච්චර උපාධි ගත්තත් ඒ දේවල් විතරක් ප්‍රමාණවත් නැහැයි කියන එකද?
ඇත්තටම ඔව්, අද පරම්පරාවේ බොහෝ දෙනෙක් හිතනවා තියෙන තරම් සේරම අධ්‍යාපන සුදුසුකම් ටික ලබා ගත්තම එයා රැකියාවකට ගැළපෙන කෙනෙක් කියලා. නමුත් ඒක ඇත්ත නෙවෙයි. අද පඳුරකට ගහපුවාම විශ්වවිද්‍යාල කොපමණ විසිවෙනවාද, රාජ්‍ය හා පෞද්ගලික කියන සෑම විශ්වවිද්‍යාලයකින්ම ඕන තරම් උපාධි දෙනවා. හැමෝම ඉතින් ඒවා සම්පූර්ණ කරනවා, සම්පූර්ණ කරගෙන අපි ගාවට එනවා. ඒ ආපුවම මම එයාලගෙන් අහනවා මොනවද අනාගත සැලසුම් කියලා. ඒ එන හැම කෙනාම දෙන උත්තරේ තමයි ර්ඕඒ එක කරන්න ඉන්නේ කියන එක.

සමහරු මේ ර්ඕඒ කියන එකේ හරි තේරුමවත් ඉන් ලැබෙන දේවත් දන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ මම අර උපාධිය කළා, මම 1ඵබ ඛ්තචඵඵ ගහපු කෙනෙක් කියලා. නමුත් අත්දැකීම් නැහැ. ජීවන අත්දැකීම් රහිත සහ අධ්‍යාපන සුදුසුකම් පමණක් සහිත පුද්ගලයෙක් මටනම් අසම්පූර්ණයි. එහෙම මිනිස්සු අසමතුලිතයි.
මට නම් මේක පේන්නේ හරියට කටු ඔටුන්නක් වගේ. අධ්‍යාපන සුදුසුකම් කියන කටු ඔටුනු පැලඳගෙන ඉන්න කෙනාගේ ඔළුවේ ඇතුළේ කිසිම දෙයක් නැහැ. ඒකෙන් සමාජයට වගේම තමාටත් වෙන්නේ විශාල හානියක්. කටු ඔටුන්න කොහේ හරි වැදුණම එතැනට හානි වෙනවා වගේම ඉන් තමන්ටත් හානි වෙනවා. මම නම් කියන්නේ අත්දැකීම්වලට සංසන්දනය කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියලයි. ප්‍රොෆෙසනල් ලයිෆ් එකක් කියන්නේ අත්දැකීම් සහ අධ්‍යාපනය සමබර වුණු කෙනෙක්ට මිසක් වෘත්තීය සුදුසුකම් පිරුණු එකක් නෙවෙයි.

සාමාන්‍යයෙන් තාත්තගෙන් පුතාට උරුම වෙන බිස්නස් තමයි ලංකාවේ වැඩිපුරම තිබෙන්නේ, නමුත් ඔබ මේ ක්ෂේත්‍රයට අතගැහුවේ තනිවම. ඒක ලේසි වුණාද?
ඔබ කියන කතාව ඇත්ත, බොහෝ ව්‍යාපාර පරම්පරා උරුමයෙන් පැවතෙන ඒවා. නමුත් අද නම් එම ව්‍යාපාරවල පේන්නේ ශීඝ්‍ර කඩාවැටීමක් පමණයි. අතීතයෙත් මට ඔවුන්ව තරගකාරයෝ විදිහට පෙනුණේ නැහැ. අදත් එහෙමයි. මොකද මම දකින දෙයක් තමයි බොහෝ වේලාවට දෙවැනි පරම්පරාව තමන්ගේ පියා තරම් මේ ක්ෂේත්‍රයේ නිපුණ නැහැ. උනන්දුවකුත් නැහැ. තාත්තා හම්බුකරපු දෙයින් ජීවිතය විඳිනවා මිසක් උපයන්න, දියුණු කරන්න බලනවා අඩුයි. ඒ නිසා මට දෙවැනි පරම්පරාව කවදාවත් තේ‍රට් එකක් තර්ජනයක් විදිහට දැනිලම නැහැ.
නමුත් ඔබට පුතෙක් ඉන්නවා, ඔබේ ව්‍යාපාරවල අනාගත හිමිකරුවා කරන්නේ ඔහුවද?

පුතෙක් විතරක් නෙවෙයි මට දුවකුත් ඉන්නවා. දුව ඉතා පොඩි වයසින් වරලත් ගණකාධිකරණය ඉගෙන ගෙන සුදුසුකම් සපුරා ගත්තා. දැන් ඇය විවාහ වෙලා විදෙස්ගතව ජීවත් වෙනවා. පුතා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නෙවෙයි. ඔහු ඉන්ජිනේරු අංශයේ ප්‍රවීණත්වය ලබලා දැනට මගේම ආයතනයේ පුහුණු ඉන්ජිනේරුවරයෙක් විදිහට රැකියාව කරනවා. මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන, මේකට ආදරයෙන්, මේක දියුණු කරන්න වුවමනාවෙන් ආවොත් මම ඔවුන්ට මේ තැන දෙනවා. කිසිම ගැටලුවක් නැහැ.
නමුත් ඔවුන්ට සුදුසුකම් නැත්නම්, ආසාවකුත් නැතිනම් කවදාවත් මම ඔවුන්ට මේකේ හිමිකමවත් නතතුරක්වත් දෙන්නේ නැහැ.
එතකොට අනාගත නායකත්වය?

අනාගතය උරුම මේ ව්‍යාපාරය තුළ මේ ආයතනය තුළ ඉන්න අපිටමයි. මේකට ආදරේ කරන, මහන්සියෙන්, කැපවීමෙන් වැඩකරන සුදුස්සෙක්ට ඒ තැන හිමිවෙයි. මම හිතනවා අනාගත නායකත්වය මේ තුළින්ම බිහි වෙයි කියලා. මගේ දුව හෝ පුතා සුදුසුකම් පෙන්නුවොත් මම ඔවුන්ට නායකත්වය දෙන්න පසුබට වෙන්නෙත් නැහැ.
නායකයෙක්, පිරිස් කළමනාකරුවෙක් විදිහට ආයතනයට ඔබෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මේක කෝච්චියක් කියලා හිතන්නකෝ. මම තමයි මේකේ සුක්කානම අරගෙන, මේක යන්න ඕනා මඟ තීරණය කරන්නේ, ඒ කියන්නේ දැක්ම සහ මෙහෙයවීම මගේ. නමුත් සුක්කානම තිබුණාට විතරක් මදි. එන්ජිම සහ පෙට්ටි, සීට්, අනෙකුත් අවශ්‍ය දෑ තිබිය යුතුයි. මගේ සිට පහළට මෙහි සේවය කරන හැම කෙනාටම තමන්ගේ වෘත්තියට අදාළ වගකීම් ටිකක් තිබෙනවා.

ඒක හරියට පිරමීඩයක් වගේ. මගෙන් ෆිල්ටර් වෙලා දෙවැනි තට්ටුවට යනවා, දෙවැනි තට්ටුවෙන් ෆිල්ටර් වෙලා තුනට යනවා, ඔහොම පහළම තට්ටුවට වෙනකන් රාජකාරි විභජනය වෙනවා. මේකට කියන්නේ පරමාර්ථ පෙරටු කොට ගත් කළමනාකාරිත්වය කියලයි. කරත්තෙයි රෝදෙයි වගේ මේ එකිනෙකට සහසම්බන්ධයි.
එහෙම ගමනක් යද්දි, බාධා අවදානම් වගේ තත්ත්වයන් එනවානේ, කොහොමද ඒවා අවම කරගන්නේ?

බාධා, අභියෝග නම් ඕන තරම් එනවා. ඒවා ඉවත් කරගෙන තමයි ගමන යන්න ඕනා. මම අර කිව්වේ අධ්‍යාපනයෙන් ලබාගත්ත දැනුම මෙන්න මේ වගේ තැන්වලට ආදේශ කරන්න පුළුවන්. අපි ව්‍යාපාර කළමනාකරණයේදී ඉගෙන ගන්නවා ඉඑර්ණීඊ කියන සංකල්පය ගැන. ඒ කියන්නේ ඉබපඥදඨබඩඵ, එඥචඬදඥඵඵඥඵ, ර්ණීනනධපබභදඪබඪඥඵ සහ ඊඩපඥචබඵ අපි යම් දෙයක් කරන විට ඒ දෙය කරන්න පුළුවන් ශක්තිය හා ශක්‍යතාව, දුර්වලතා, අවස්ථා හා තරගකාරී තර්ජන, බාධා වැනි දේවල් ගැන සිතා බැලිය යුතුයි. ඒවා ගැන නිවැරැදි විශ්ලේෂණයකට පැමිණීම තුළින් අපිට බාධාවලට මුහුණ නොදී ඒවා මඟ හැරගෙන ගමන් කරන්න පුළුවන්. අවදානම් වුණත් අපිට මඟහරින්න පුළුවන්. ඉන් පසුව අපිට තිබෙන අවස්ථාවෙන් උපරිම පල නෙළා ගන්න පුළුවන්.
ව්‍යාපාර සාර්ථකත්වයට මූල්‍ය විනය කියන දේ කොහොමද බලපාන්නේ?

ඇත්තටම අපි අපේ තරම දැනගත යුතුයි. අර කතාවකුත් තියෙන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. අන්න ඒ වගේ දැන් මගේ අම්මටයි තාත්තටයි ඒ කාලේ ලැබුණේ රුපියල් 400ක් වගේ වැටුපක්. ඒ අය අපිට උගන්වලා, කාලා, බීලා, මඟුලකට, මරණෙකට දීලා, ඒකෙනුත් ගාණක් ඉතිරිත් කළා. ඒ කියන්නේ ඔවුන් මේක හරි විනයක් ඇතිව කළමනාකරණය කළා. හදිසියක් වුණාම කාටවත් ණය නොවී ඉන්න පුළුවන්කම ඔවුන්ට තිබුණා. ගෙදරකට එහෙම විනයක් අවශ්‍ය වෙනවා වගේම ව්‍යාපාරයකටත් ඉතා බැරෑරුම් විදිහට මූල්‍ය විනයක් අවශ්‍ය වෙනවා. මම මේ වර්තමානයේ දකින දෙයක් තමයි අද බොහෝ අලුත් ව්‍යාපාරිකයන්ට නැතිම දේ තමයි ඔය මූල්‍ය විනය කියන දේ.
ඇයි එහෙම කියන්නේ?

දැන් බලන්න ව්‍යාපාරයක් පටන් අරගෙන යම් ලාභයක් ලැබුවාම, ඒ අයට අවශ්‍යතා වැඩිවෙන්න පටන් ගන්නවා. විට්ස් කාර් එකේ ගිය කෙනාට ප්‍රාඩෝ එකක්, බෙන්ස් එකක් ගන්න හිතෙනවා. හිල්ටන් එකෙන් දවල්ට කන්න හිතෙනවා. නෝනාව කොළඹ හතේ සැලෝන්වලට එක්ක යන්න හිතෙනවා. මම කියන්නේ මේ දේවල් කළාට කමක් නෑ තමන්ට කරන්න පුළුවන්නම්, රටේම තියෙන බැංකුවලටයි ලීසින් කොම්පැනිවලටයි ණය වෙලා තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගත්තට වැඩක් නැහැ. ඒක රටට ලෝකෙට පේන්න තමන්වම රවට්ට ගන්න කරන වැඩක් නේ. මම කියන්නේ අතට සල්ලි ටිකක් හම්බුණාම දෙවියනේ උහුලන්න පුරුදු වෙන්න කියලයි. නමුත් අපේ අයට සල්ලි ලැබුණාම නිකන් කසනවා වගේ අර ටික නැති නාස්ති වෙනකන්ම. මම බෙන්ස් එකක් ගත්තා ලක්ෂ 450ක් කෑෂ් දීලා, මට මගේ කොම්පැනියෙන්වත්, ලීස් දාලාවත් ඒක ගන්න ඕන වුණේ නැහැ. මම කියන්නේ තමන් කරන්න ඕන තමන්ට උහුලන්න පුළුවන් දේ විතරයි.

ඇයි ඔබ දියගම වගේ දුරක තමන්ගේ කාර්යාලය දාගත්තේ, ඔබටත් පුළුවන්නේ කොළඹ නගරයේ හොඳ තැනක කාර්යාලයක් හදාගන්න?
ඇත්තටම පුළුවන්, මොකද මට ඕන තරම් කොළඹ දේපළ තිබෙනවා. නමුත් මම ඒවා කුලියට දීලා තියෙන්නේ. කොළඹ වාලුකාරාමේ මගේ කාර්යාලයක් තිබෙනවා. එතැනත් පිරිසක් ඉන්නවා. නමුත් මම කැමැති මෙතැනට. මෙතැනනේ මූලස්ථානය. බලන්න මෙතැනින් හයිවේ දැම්මම ඕන තැනකට යන්න පුළුවන්. මෙතැන 650ක් විතර වැඩ කරනවා. උදේට ඇවිත් මට ෆැක්ටරිය වටේ රවුමක් දාන්න පුළුවන්. අනෙක මම කරන්නේ දේශීය ව්‍යාපාරයක්නේ, මාව හම්බවෙන්න විදේශීය ගනුදෙනුකරුවෝ එන්නේ නැහැ. ඔන්න එහෙම නම් මට කොළඹ හොඳ ඔෆිස් එකක් දාගන්න වෙනවා. නමුත් මට මේ හොඳටම ඇති. මොකද මම හැමවෙලේම මගේ තරම දැනගෙනයි වැඩ කරන්නේ.
කොහොමද මේ දේවල් ලබා ගන්න ගෙදරින් ලැබුණු සහයෝගය?

මගේ තාත්තා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු කෙනෙක්. ඔහු හිටපු උප විදුහල්පතිවරයෙක්, අම්මත් ගුරුවරියක්, හොරණ තක්ෂිලාවේ තමයි ඒ දෙන්නත් ඉගැන්නුවේ. ඒ මගෙත් පාසල. මම කිව්වනේ මම පන්තියේ හිටපු නෝටි චයිල්ඩ්. කළේම නරක වැඩ. තාත්තාට ඕන වුණේ මාව ඉන්ජිනේරුවෙක් කරන්න. නමුත් පුංචි කාලේ ඉඳන් මම ආසා කළේ බිස්නස් කරන්න. සෙල්ලමට දාන කඩයෙත් මුදලාලි මමයි. කොච්චර දඟ වැඩ කළත්, කචල් දාගත්ත මම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවා. නමුත් මගේ පළමු වසරේදීම තාත්තා පෙණහලු පිළිකාවකින් මිය ගියා. ඊට පස්සේ මටයි අක්කටයි නංගිලා දෙන්නටයි උගන්වන්න අම්මා ගොඩක් මහන්සි වුණා තනිවම.
ඉතින් මම විශ්වවිද්‍යාලයට යන ගමන් ආයතනයක අලෙවි නියෝජිතයෙක් විදිහට වැඩ කළා. උදේට රස්සාවට ගියා. හවසට ලෙක්චර්ස් ගියා. උපාධිය අවසන් වුණාට පස්සේ මම රේගුවට ගියා. එහි වසර 8ක් සේවය කළා. ඒ අතරෙදි තමයි මේ ව්‍යාපාරයට අත ගැහුවේ.

ඇයි ඉතින් මේ වගේ බිස්නස් එකකටම අත ගැහුවේ?
මම සෝයා මීට් ව්‍යාපාරය ආරම්භ කරනකොට ලංකාවේ සෝයාමීට් ඒ තරම් ප්‍රචලිත නැහැ. අපේ අම්මාට හොඳ රසට සෝයාමීට් හදන්න පුළුවන්. ඒ හදන එක කන්න මම හරිම කැමැතියි. ඒ දවස්වල සෝයාමීට් නියමිත ප්‍රමිතියෙන් අසුරලා තිබුණේ නැහැ, ගොඩක් ඒවගේ ගුල්ලෝ හිටියා. ඉතින් මට අදහසක් ආවා. තුනපහ දාලා මේක හොඳ තත්ත්වයෙන් වෙළෙඳපොළට මුදාහරින්න ඕන කියලා. එහෙම තමයි රයිගම් ආරම්භ වුණේ.
නමුත් අද ඔබ එතැනිනුත් එහාට ගිහින් නේද?
ඔව්. දැනට අපේ රයිගම් නිෂ්පාදන 100කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ලුණු නිෂ්පාදනයට වගේම ගෘහභාණ්ඩ පැත්තටත් අපි අත තියලා අවසන් මේවනවිට. ව්‍යාපාරවලට අමතරව කලාකරුවන් දිරිගැන්වීමට සම්මාන උළෙල අඛණ්ඩව කරනවා.

සාමාන්‍යයෙන් පොත් පත් කියවනවාද?
ඔව්. මම බොහෝ ඇල්මෙන් කියවන කෙනෙක්. සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මම කියවනවා. ස්වයං චරිතාපදාන, චරිතාපදාන, නවකතා, ව්‍යාපාර විෂයයට අදාළ පතපොත මේ හැමදේම මම කියවනවා.
ඕපචදඤඵ සම්බන්ධයෙන් දක්වන උනන්දුව කොහොමද?
මෙහෙමයි මම හොඳ ඕපචදඤ එකක් තිබෙන යමක් දැක්කොත් මිලදී ගන්නවා. මම ඛ්චප ර්චද. කාර් එකතු කරන්න මම ආසයි. එතකොට ඔරලෝසුත් එහෙමයි. නමුත් මම මේ හැමදේම කරන්නේ මගේ ප්‍රමාණය දැනගෙන. මට උහුලන්න පුළුවන් ප්‍රමාණයට. මම ඒ දේවල් මගේ බැබළීම සඳහා නෙවෙයි. මගේ තෘප්තිය වෙනුවෙන් කරන දේවල් පමණයි. නමුත් ජීවිතය කියන්නේ ඊට එහා ගිය වටිනාකම්වලින් පුරවා ගත යුතු තැනක් කියන එකයි මගේ විශ්වාසය.
හැම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවාලුනේ, අපි බිරිය ගැනත් කියමු.

මගේ බිරිය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇයත් මම වගේම විශාල වගකීමක් දරන වෘත්තියක නිරත වෙන්නේ. අපි දෙන්නම කාර්යබහුලයි. නමුත් අපි ඉතා හොඳ අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවිතය ගෙවනවා. ඇගෙන් මට ලැබෙන ශක්තිය, සහයෝගය ඇත්තටම විශාලයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon