දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානෙත් මිල පහත වැටිලා

  👤  3638 readers have read this article !
By mawbima 2018-01-14

පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පහත වැටී තිබුණද දඹුල්ල නගර මධ්‍යයේ එළවළු තොග මිල තවමත් අහස උසට පවතින බව පාරිභෝගික ජනතාව පවසති.

ශ්‍රී ලංකාව් එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ සපුරනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහාය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම පළාතකින්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් විසින් රැගෙන එනු ලබති. එමෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ සෑම පළාතකින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් දිවයිනේ විවිධ ප්‍රදේශවල එළවළු මිල විශාල වශයෙන් ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ දිනවල එළවළුවල මිල තොග මිල සහ දඹුල්ල නගර මධ්‍යයේ සිල්ලර වෙළෙඳසල්වල එම එළවළු සිල්ලර මිලට අලෙවි කරන මිල ගණන් පිළිබඳව අප පසුගිය සතියේ ගවේෂණයක නිරත වීමු.

පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මීට වඩා විශාල වශයෙන් ඉහළ මට්ටමක පැවැතිණි. එළවළු තොග මිල පහත වැටුණද සිල්ලර මිල කිසිදු අඩුවක් දක්නට නොමැත. කෙසේ වෙතත් මේ පිළිබඳව පාරිභෝගික ජනතාව දැඩි විමසිල්ලක් දක්වමින් කියා සිටින්නේ ශීඝ්‍රයෙන් පහත වැටුණු එළවළු මිල රට අභ්‍යන්තරයේ වෙළෙඳසල්වල තවමත් ඉහළ මට්ටමක පවතින බවය. එමෙන්ම එළවළු මිල පහත වැටීමත් සමඟ එහි වාසිය මෙතෙක් ජනතාවට නොලැබී ඇත්තේ එළවළු මිලට කිසිදු පාලන මිලක් නොමැති වීම නිසාවෙන් සහ එළවළු මිල පහත වැටීම පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෝ කරුණු වාර්තා කිරීමකින් ජනතාව නොදැනුවත් වීම බවය.

වර්ගය කිලෝවක තොග මිල
කිලෝවක සිල්ලර මිල 
 
1ඬඨ 1ඬඨ
තොග මිල (රු.) සිල්ලර මිල (රු.)
ලීක්ස් 120 - 130 200 - 220
කැරට් 85 - 90 160 - 200
කරවිල 120 - 130 180 - 200
තක්කාලි 35 - 40 80 - 100
අමුමිරිස් 130 -140 300 - 400
දෙහි 20 - 30 80 - 150
වට්ටක්කා 40 -45 60 - 140
ගෝවා  50 - 55  60 - 140
දඹල 35 - 40 80 -100
වම්බටු 90 - 100 160 - 180
මාළුමිරිස් 170 - 180 300 - 320
බෝංචි 160 -170 260 - 280
මෑ කරල් 35 - 40 80 - 120
රාබු 20 - 25 90 - 100
කැකිරි 25 - 35 60 - 70

 

දඹුල්ලේ -

කේ.කේ. ආරියදාස

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon