මත්ද්‍රව්‍ය නාශක අංශයට හිමි තෑගි මුදල් බහිරවයෝ ගිලලද?

  👤  3262 readers have read this article !
By mawbima 2018-01-14

රුපියල් කෝටි දහසකට අධික වටිනාකමකින් යුත් දකුණු ආසියාවෙන් සොයා ගත් විශාලතම කොකේන් තොගය වන කිලෝ 928යි ග්‍රෑම් 229 හෙට (15දා) දින කටුනායකදී මහජනතාව ඉදිරියේ විනාශ කිරීමට නියමිතව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයා වූ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ රහසිගත තොරතුරුකරුවන්ට ලද තොරතුරු ඔස්සේ 2016 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ (ඛ්ධ්ඛ්) ජැටියේදී මෙම කොකේන් තොගය තේක්ක කන්ටේනරයක් තුළ සඟවා තිබියදී සොයා ගන්නා ලදී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබූ අතර ඊට රේගු නිලධාරීන්ගේද සහාය හිමිවිය.
ඉක්වදෝරයේ සිට මෙරට හරහා ඉන්දියාවේ මුන්රා වරාය දක්වා ර්ඉඛ් ජ්චඡඪධතච නෞකාවෙන් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරට ඇතුළු දකුණු ආසියානු රටවල් තුළ බෙදී යෑමට තිබූ මෙම කොකේන් තොගය හෙට (15දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ධ්දඵජජ ඡ්දජධජරජතඥ ආයතන පරිශ්‍රයේදී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය.

මෙම උත්සවයේදී මෙම වැටලීමට සහාය ලබාදුන් සියලු පොලිස් නිලධාරීන්ට ප්‍රශංසා සහතික පත් සහ පොලිස් තෑගි අරමුදලින් තෑගි මුදල් ප්‍රදානය කිරීමටද නියමිතව ඇත.
නමුත් රේගු ආඥා පනත යටතේ මෙම මහා පරිමාණ වැටලීම සිදු කිරීමට රහසිගත ඔත්තුව ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ ඔත්තුකරුවන්ට සහ වැටලීම සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට මෙතෙක් ශ්‍රී ලංකා රේගුව විසින් ත්‍යාග මුදල් ගෙවා නැති බවට 'මව්බිම'ට වාර්තා වේ.
රේගු ආඥා පනත යටතේ මොවුනට ත්‍යාග මුදල්වල හිමිකම තිබුණද එම මුදල් මෙතෙක් නොලැබීම මත ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා රේගුව අතර සීතල යුද්ධයක්ද හට ගෙන තිබේ.

මෙම සිද්ධියේදී ඇතැම් බලධාරීන් කඹ ඇදීමකද නිරතව සිටින අතර විමර්ශන නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට ලැබීමට ඇති රුපියල් කෝටි ගණනක මුදලක් අහිමිව ඇත.
2016 නොවැම්බර් 24 වැනි දින කොකේන් කිලෝ 219යි ග්‍රෑම් 950ක් ඔරුගොඩවත්ත රෑන්ක් බහාලුම් අංගණයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම වැටලීමද කරන ලද්දේ කොකේන් කිලෝ ග්‍රෑම් 8කට අධික තොගයක් අත්අඩංගුවට ගත් නිලධාරි කණ්ඩායම විසිනි.
එම වසරේම ජුනි 14 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ ඒකකයේදී තවත් කොකේන් කිලෝ 80ක් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ එම වසරේ සිදු කළ විශාලතම කොකේන් වැටලීම් තුනය.
මෙම වැටලීම්වලදී ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දියයුතු තෑගි මුදල් කලට වේලාවට ලබා නොදීම මත පොලිස් නිලධාරීන්ද, ඔත්තුකරුවන්ද අධෛර්යට පත්විය හැකිය.
එම නිසා මෙවැනි සුවිශේෂී වැටලීම් ඉදිරියේදී අඩාල වීමටද පුළුවන.

මේ තත්ත්වය සලකා බලමින් ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 06 වැනි දින ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් වෙත මෙකී ත්‍යාග මුදල් ගැටලුව සම්බන්ධයෙන් ලිපියක් යවා ඇත.
ඊට පිළිතුරු වශයෙන් ඉකුත් වසරේ දෙසැම්බර් 11 වැනි දින රේගු අධ්‍යක්ෂවරිය නීතිඥ ශිරාල් ලක්තිලක වෙත දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා රේගුව විසින් පිහිටුවා ඇති තෑගි අරමුදලින් මුදල් ලබා දෙන්නේ රේගු නිලධාරීන්ට හා ඔත්තු ලබාදෙන රේගු නිලධාරීන්ට බවත් පිටස්තර පුද්ගලයන්ට එම අරමුදලින් තෑගි ලබා නොදෙන බවත්ය.
මෙම කඹ ඇදිල්ලෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වාසිදායක තත්ත්වයක් උදාවන බවද සටහන් කළ යුතුය.

මෙවැනි සුවිසල් වැටලීම් පොලිස් නිලධාරීන් විසින් ඔවුනගේ ඔත්තුකරුවන්ගේ සහායෙන් සිදු කරනු ලබන්නේ හුදු මුදල් පරමාර්ථයෙන් පමණක් නොවේ.
නමුත් ඔවුනට එම තෑගි මුදල් හිමිවිය යුතු නම් ඔවුනගේ සේවය සහ කැපවීම වෙනුවෙන්වත් එම මුදල් ඔවුනට ලබාදිය යුතුමය.
නැතිනම් ඔවුනට හිමි මෙම රුපියල් කෝටි ගණන බහිරවයන් විසින් ගිල දමනු ඇත.
මෙම කඹ ඇදිල්ල නතර කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද අවසන් වරට කිව යුතුය.

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon