මහා සංස්කෘතියක් සහිත වැදගත් ආගමික උත්සවයක්

  👤  3521 readers have read this article !
By mawbima 2018-01-14

සොබාදහම සමඟ සහ සම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවීමටත්, වාර්ගික හා ආගමික භේද ඉක්මවා සාමය, සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනඟන්නටත් තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවායි හදපිරි ශුභාශිංසන එක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසයි.

ලොව වටා දමිළ ජනතාව මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය දීර්ඝ ඉතිහාසයක් ඇති මහා සංස්කෘතික උරුමයක් සහිත වැදගත් ආගමික උත්සවයකි.
කෘෂිකාර්මික සමාජයේ හිරු නමදින්නේ දේවත්වයෙනි. සාර අස්වැන්නක් ලබා ගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුද දෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උළෙලේ වැදගත් චාරිත්‍රයකි. මෙහිදී කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වන ගවයන් වැනි සතුන්ටද සුවිශේෂීව සලකනු ලැබේ. මේ සියලු චාරිත්‍ර මිනිසා සහ පරිසරය අතර සබඳතාව වඩ වඩාත් ශක්තිමත් කරයි. අරුත්ගන්වයි. හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ බෙදා හදාගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය, සංහිඳියාව ගොඩනැඟීමටද සුවිශේෂ අවකාශයක් උදාකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon