සොබා දහමට කෘතවේදීත්වය පළ කරන උතුම් අවස්ථාවක්

  👤  3742 readers have read this article !
By mawbima 2018-01-14

කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන්් යළි යළිත් සමීප කරමින්, ආහාර නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත වීම කරා යෑමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරමින් තෛපොංගල් සමරන දෙස් විදෙස් හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සුබ පැතුම් එක් කරයි.
සිය තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා නව වසරක උදාව ලෙසත් නව අවස්ථා උදාකරන වසරේ සුබාරම්භය ලෙසත් සලකා තෛපොංගල් උළෙලේදී සියලු බැතිමතුන් සමඟ එක්වන බවද පවසයි.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ලෝකවාසී හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාව පළ කරනු වස් සමරන තෛපොංගල් උළෙල නිමිත්තෙන් සුබ පැතුම් එක්කරන්නට ලැබීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත්වෙමි.

මිනිස් සංහතිය, ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුව අතීත සම්ප්‍රදායන් සුරැකීමටත් එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමඟිය හා සංහිඳියාව බෙදාහදා ගැනීමට ඇති ළැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon