පොඩි වෙළෙන්දකු ලංකාවට ලොකු විසක් ගෙනල්ලා

  👤  3776 readers have read this article !
By mawbima 2018-01-14

යුරෝපා රටවල භාවිත කරන "මෙතැම්පටමයින්" නැමැති විස අධික මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 11 වැනිදා රාත්‍රි 9.45ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්‍රෑම් 220ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි (ඛ්පරඵබචත ඊරනඥ) ලෙස තිබූ බවත්, ඒවා කොළඹ ඇතුළු නගරවල ප්‍රධාන පෙළේ රාත්‍රි සමාජ ශාලාවල භාවිතය පිණිස රැගෙන එන්නට ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක පහළ කරයි. මෙම ඉන්දීය ජාතිකයා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon