කොකේන් කිලෝ 928ක් හෙට කටුනායකදී ගිනි තියයි

  👤  3277 readers have read this article !
By mawbima 2018-01-14

දකුණු ආසියාවෙන් සොයාගත් විශාලතම කොකේන් තොගය වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2016 වසරේදී අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් කිලෝ 928යි ග්‍රෑම් 229 ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ධ්දඵජජ ඡ්දජධජරජතඥ ආයතන පරිශ්‍රයේදී හෙට (15දා) පෙරවරු 10.00ට සිදු කෙරේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් 2016 දෙසැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ (ඛ්ධ්ඛ්) ජැටියේදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. ඉක්වදෝරයේ සිට මෙරට හරහා ඉන්දියාවේ මුන්රා වරාය දක්වා ර්ඉඛ් ජ්චඡඪධතච නෞකාවේ තේක්ක දැව පැටවූ කන්ටේනරයක් තුළ ඉතා සූක්ෂ්මව සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගනු ලැබීය.

ජාත්‍යන්තරයේ පවා වැඩි අවධානයක් යොමු වූ මෙම වැටලීම සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට මූල්‍ය ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයක්ද හෙට (15දා) මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සිදු කෙරේ. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් මෙරටදී ප්‍රසිද්ධියේ විනාශ කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon