ඩයලොග් ලීග් පාපන්දු කිරුළ කාටද තීරණය මේ ඉරිදා තුරඟ තරග පිටියේදී

  👤  3475 readers have read this article !
By mawbima 2018-01-12

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරනු ලබන ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය ලෙස කලම්බු එෆ්.සී. කණ්ඩායම හා රිනවුන් අතර තරගය අනිද්දා (14දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේදී කලම්බු එෆ්.සී. කණ්ඩායම ඩයලොග් ලීග් පාපන්දු ශූරතාව දිනාගෙන තිබූ අතර, මෙවර පැවැති තරගවලදී තරග 16කට සහභාගි වී ඉන් තරග 12ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුළු ලකුණු 40ක් ලබා මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩායම ලෙසට පත්ව සිටින රිනවුන් කණ්ඩායම හා තරග 16කට සහභාගි වී තරග 11ක් ජයගෙන මුළු ලකුණු 37ක් ලබා සිටින කලම්බු එෆ්.සී. කණ්ඩායම අතර පැවැත්වෙන මෙම අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් හෝ තරගයෙන් රිනවුන් කණ්ඩායම ජයගතහොත් ශූරතාව රිනවුන් කණ්ඩායමට හිමිවෙයි.

එහෙත් යම් විටෙක කලම්බු එෆ්.සී. කණ්ඩායම මෙම තරගය ජයගනු ලැබුවහොත් කණ්ඩායම් දෙකම මුළු ලකුණු 40ක් ලබා සම තත්ත්වයට පත්වුවද තරගාවලියේදී වාර්තා කළ ගෝල ප්‍රමාණය අනුව ශූරතාව කලම්බු එෆ්.සී. කණ්ඩායමට නිතැතින්ම හිමිවීමට නියමිතව ඇත. ඒ අනුව මේ වනවිට කලම්බු එෆ්.සී. කණ්ඩායම ගෝල 34ක් ලබා ඇති නමුත් රිනවුන් කණ්ඩායමට ලබාගැනීමට හැකිව ඇත්තේ ගෝල 27ක් පමණි.

කෙසේ වෙතත් මෙම තරගය ඩයලොග් ටී.වී. ඔස්සේ නැරඹිය හැකි අතර, ර්රඊම ඔස්සේ ජංගම දුරකතනයෙන්ද නැරඹිය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon