ටෙස්ට් පන්දු යවන්නන් අතර රබාඩා පෙරමුණට එයි

  👤  3485 readers have read this article !
By mawbima 2018-01-12

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශේ්‍රණිගත කිරීමේ පෙරමුණට පැමිණීමට දකුණු අප්‍රිකානු පිලේ වේගපන්දු යවන්නා වන කාගිසෝ රබාඩා සමත්ව සිටී.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ කගිසෝ රබාඩා මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 888ක් ලබා පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ශේ්‍රණිගත ලකුණු 887ක් හා 861ක් ලබා සිටින එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට හා ඉන්දියාවේ රවීන්ද්‍ර ජදේජාට හිමිව ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේදී ශේ්‍රණිගත ලකුණු 799ක් ලබා 6 වැනි ස්ථානයේ පසුවූ රංගන හේරත් මේ වනවිට එක් පියවරක් පල්ලම් බැස තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon