කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සභාපති ලෙස රඹුක්වැල්ල පත්වෙයි

  👤  3320 readers have read this article !
By mawbima 2018-01-12

කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැති අතර එහිදී හිටපු සභාපති ලලිත් රඹුක්වැල්ල මහතා 19 වැනි වරටත් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත්විය.

ඒ අනුව නව සභාපතිවරයා ලෙස රඹුක්වැල්ල මහතා තේරී පත්වෙද්දී කෑගල්ල දිස්ත්‍රික් සංගම් ක්‍රිකට් ලේකම්වරයා ලෙස ප්‍රසන්න පීරිස් මහතාත් භාණ්ඩාගාරික තනතුර සඳහා සුමිත් හිටිගේ මහතාත් පත්කර ගන්නා ලදී. තවද ජේ‍යෂ්ඨ උප සභාපතිවරයා වශයෙන් හර්ෂ සියඹලාපිටිය පත්වූ අතර ජේ.එස්. නවාස්, එස්.බී. පිටවල, ජගත් වික්‍රමසිංහ හා ශානක ගුණරත්න යන මහත්වරු උප සභාපතිවරු ලෙස පත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon