විපක්‍ෂයේ හිම වලසුන් ඇහැරිලා ජනතා ප්‍රශ්න ගැන කතා කරනවා

  👤  3619 readers have read this article !
By mawbima 2018-01-12

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

බලය තිබියදී ජනතා ප්‍රශ්න පිළිබඳව කතා නොකළ ශීත කාලයට නිදන හිම වලසා මෙන් සිටි විපක්‍ෂයේ මන්ත්‍රිවරු ශීතකරණයෙන් මිදී එකවරම අවදි වී ජනතා ප්‍රශ්න ගැන කතා කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

එවැනි විපක්‍ෂ මන්ත්‍රිවරුන් මාළුන් රවටා මරා දැමූ කොකා තපස් රැකි ආකාරයට හැසිරෙන බව පවසන හෙතෙම එවැනි අයගෙන් ජනතාවට බේරී සිටින්නැයි ද ඉල්ලීමක් කරයි.
අද නව ව්‍යවස්ථාව ගැන චෝදනා කරන මහින්ද පිලේ් අය වගේම මෛත්‍රි පිලේ අයත් 1994 දී දැනට පවතින ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් බව කියමින් එය විසි කරන බවට පුරසාරම් දෙඩූ බවත් යුද්ධය නිමා කිරීමට විධායක ජනාධිපති බලය සහිත එම ව්‍යවස්ථාව හේතු වූ බැවින් එම ව්‍යවස්ථාව ඉරා දමන බව කියමින් බලයට පැමිණි කිසිවෙක් එය අතහැර නොදැමූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දින වැලිමඩ ප්‍රදේශයේ පැවැති එ.ජා.ප ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon