ජනපතිගේ තෙවැනි පදවි ප්‍රාප්තියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් රට පුරා පින්කම් රැසක්

  👤  3295 readers have read this article !
By mawbima 2018-01-12

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තෙවැනි පදවි ප්‍රාප්තියට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධාන කළ බෝධි පූජා පින්කමක් එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පැවැත්විණි.

එසේම කතරගම බළකා මූලස්ථානයේ සාමාජික/සාමාජිකාවන් 1000ගේ සහභාගිත්වයෙන් කතරගම කිරි වෙහෙර අබියසදී පහන් පූජාවක් සහ නෙලුම් මල් පූජාවක්ද මහා දේවාලයේ දේව පූජාවක් සහ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. නුවර බළකා මූලස්ථානයේ සාමාජික සාමාජිකාවන් 400කගේ සහභාගිත්වයෙන් දළදා මාලිගාව අබියසදී බෝධි පූජාමය පින්කමක් පැවැත්වූ අතර පොළොන්නරුව බළකා මූලස්ථානය මඟින් සාමාජික සාමාජිකාවන් 1000කගේ සහභාගිත්වයෙන් ගල් විහාරයේදී බෝධි පූජාමය පින්කමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්විණි.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන වන රෝපා වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බළකා මූලස්ථානය මඟින් පැළ 6222ක් රෝපණය කිරීමේ දැවැන්ත වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ තෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තියට සමගාමීව පවත්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon