පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැහැ

  👤  3517 readers have read this article !
By mawbima 2018-01-12

පක්ෂයේ නායකයා වන මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ පින්තූරයවත් මැතිවරණ ව්‍යාපාරයට යොදා නොගත් 'පොහොට්ටුව' පක්ෂය කවදාවත් පිපෙන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.
"මේ පක්ෂය පුදුමාකාර පක්ෂයක්. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා ඉටු කර ගන්න හදනවා. පිපෙන්නෙ නැති පොහොට්ටුව පක්ෂය පස්සේ යන්න එපා කියලා මම කියන්න කැමැතියි" ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 10ක් කාපට් කිරීමේ සමාරම්භක අවස්ථාවේදීය.
"බේරුවල ආසනයේ සියලු මාර්ග සංවර්ධනය කිරීම මේ වන විට අවසන් වෙමින් තිබෙනවා. මේ ආසනයේ විදුලිබලය, පානීය ජලය නොමැති පුද්ගලයන්ට එම පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර විදුලිය නොමැති පවුල්වලට විදුලිබලය ලබාදීමේදී නිවාස වයරින් කිරීමටද රජයෙන් මුදල් ලබාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ වසර විස්සක කාලයකින් ගෙවීම සඳහායි. ඒ වෙනුවෙන් කිසිදු පොලියක් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා" යැයිද ඇමැතිවරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon