ප්‍රමාණවත් මූල්‍ය සේවාවක් නොලැබූ සමාජ කොටස් විධිමත් මූල්‍ය අංශයට ඇතුළත් කරගත යුතුයි

  👤  3489 readers have read this article !
By mawbima 2018-01-12

නුවන් හෙට්ටිආරච්චි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම සඳහා වූ ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේ එකඟතාවකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලෝක බැංකු සමූහයේ සාමාජික, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඉකුත්දා (9දා) කොළඹදී මේ එකඟතාවට අස්සන් තැබීය.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
"ප්‍රමාණවත් පරිදි මූල්‍ය සේවාවක් නොලැබූ සමාජ කොටස් විධිමත් මූල්‍ය අංශයට ඇතුළත් කර ගැනීමට අවශ්‍යයි. ඒ වඩාත් හිතකර මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගත භාවය ඉහළ නැංවීමට ජාතික මට්ටමේ උපාය මාර්ගයක් සකස් කිරීමේ ඇති අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ජනතාවට දැරිය හැකි පිරිවැයකට මූල්‍ය සේවාවන් පහසුවෙන් ලබා ගත හැකි වඩාත් අන්තර්ගත මූල්‍ය පද්ධතියක් රට තුළ නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා උපදෙස් සහිත මඟ පෙන්වීමක් අවශ්‍යයි."

මේ අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ මූල්‍ය අංශය ආදී සියලු පාර්ශ්වකරුවන් සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි නියෝජිත අමීනා අරිෆ් මහත්මියද සම්බන්ධ විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon