ගණපූර්ණය නැතිව උෟව පළාත් සභා රැස්වීම කල් යයි

  👤  3574 readers have read this article !
By mawbima 2018-01-12

බන්දුල ටී.බි. රත්නායක

ගණපූර්ණය නොමැති වීමෙන් උෟව පළාත් සභාවේ මාසික සභා රැස්වීම මේ මස 25 වැනි දින තෙක් කල් තැබීමට උෟව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාට ඊයේ (11දා) සිදුවිය.
උෟව පළාත් සභාවේ මාසික රැස්වීම ඊයේ (11දා) පළාත් සභා ශාලාවේදී ආරම්භ වූ අතර සභාව ආරම්භ වීමත් සමඟ උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ (ජ.වි.පෙ.) සමන්ත විද්‍යාරත්න මහතා අතර පාසල් විදුහල්පතිනියක දණගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිණි.
අනතුරුව තේ විවේකය සඳහා සභාව කල් තැබූ අතර, යළි සභාව දහවල් 12.15ට ආරම්භ වීමත් සමඟ නියමිත ගණපූර්ණය නොමැති නිසා සභාවේ සීනුව කීප වරක් නාද කරන ලෙසට සභාපතිවරයා නියම කළේය.

සීනුව නාද කළද සභාවේ නියමිත ගණපූර්ණය නොසිටියේය. මේවන විට සභා ශාලාව තුළ අමාත්‍ය සාලිය සුමේද සිල්වා, සභානායක සුදර්ශන දෙනිපිටිය, අනිල් චන්දන වැලිවිට යන මහත්වරුන්ද (එ.ජා.ප.යේ) ජයන්ත කන්නන්ගර, ප්‍රගති අනුෂල්‍ය, වේලායුදම් රුද්‍රදීපන්, එම්. සච්චිතානන්දන්, විපක්ෂ නායක ර.මු. රත්නායක යන මහත්වරු පමණක් රැඳී සිටියහ.

මේ අනුව සභාව මේ මස 25 වැනි දින තෙක් කල් තැබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon