අගමැති හොරෙක් බව ඔප්පු වුණොත් ඇමැති ධුර මන්ත්‍රි ධුර දාලා ගෙදර යනවා

  👤  3364 readers have read this article !
By mawbima 2018-01-12

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළේ යැයි අධිකරණයේ ඔප්පු වුණොත් ඇමැතිකම් හා මන්ත්‍රිකම් අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි. අමාත්‍යතුමිය මේ අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර මාදම්පේ ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය,

"අද මොනතරම් මාධ්‍ය ජනාධිපතිතුමාට බනිනවාද, අගමැතිතුමාට බනිනවාද, අපිට බනිනවාද, අද මාධ්‍ය ෆුල් ට්‍රයි කරන්නේ අගමැතිතුමාව හොරෙක් කරන්න. අපේ අගමැතිතුමා හොරෙක් කියලා මොනම අධිකරණයක හරි ඔප්පු වුණොත් මේ තලතා අතුකෝරල ඇමැතිකම් දෙකත් තියලා මන්ත්‍රිකමත් තියලා ගෙදර යනවා. හොරකම් කරපු එකා හැම තිස්සේම හිතන්නේ බලය ගන්නේ හොරකම් කරන්න කියලා. මිනී මරපු එකා හැම තිස්සෙම හිතන්නේ බලයට එන්නේ මිනී මරන්න කියලා. අපි ඒවා ජනවාරි 8දා නැවැත්වුවා. අද අගමැතිතුමාට මාධ්‍යවේදීන් කියන දේවල් එදා කිව්වා නම් ලසන්ත වික්‍රමතුංගලා, ලක්මාල්ලා, එක්නැලිගොඩලා වගේ මාධ්‍යවේදීන් 34ක් අතුරුදන් කරපු විදියට ඒ අයත් අතුරුදන් වෙනවා.

අද සමහර අය කියනවා තලතා අතුකෝරල අවුරුදු 20ක හිර දඬුවම් දෙන්න යනවා කියලා. ඒ අයගේ කාලේ කරපු දේවල් තමයි. ඒ අයගේ කාලේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ තියාගෙන අග්‍රවිනිශ්චයකාරවරිය ඒ අය කැමැති දේ කළේ නෑ කියලා පැය 48න් ගෙදර ඇරියේ. අපි බොහොම සතුටින් කියනවා මහින්ද රාජපක්ෂ වගේ වැඩ කරන ජනාධිපතිවරයෙක්වත් අගමැතිවරයෙක්වත් අධිකරණ ඇමැතිවරයෙක්වත් දැන් නෑ. නඩුකාරයාට කියලා නඩුව වෙනස් කරනවා. තීන්දුව වෙනස් කරනවා. නීති වෙනස් කරනවා කියන අය නීති විද්‍යාලයේ කානුවක්වත් අතු ගාන්න වටින අය නෙවෙයි. ඒ තරම් බුද්ධියක්වත් නැති මිනිස්සු තමයි මේ ගැන කතා කරන්නේ. නීතිය ගැන දන්න හැදිච්චකම ඇති සීලාචාර සදාචාරය අනුව ජීවත් වෙන මිනිසුන්ට ඒ වගේ හැඟීම් ඇති වෙන්නෙත් නෑ. කොයි තරම් හොරා කන්න හැදුවත් රනිල් වික්‍රමසිංහගේ ඇඟේ ඔය ලේබල් එක ගහන්න කිසි කෙනෙක්ට පුළුවන්කමක් නෑ."

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon