මාරාන්තික උපවාසයේ යෙදී සිටි මාගම්පුර සේවකයන් තිදෙනකු රෝහල්ගත කරලා

  👤  3303 readers have read this article !
By mawbima 2018-01-12

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට මාගම්පුර වරායේ සේවා අහිමිව තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් ‍ෙදාරටුව අසල විරෝධතාවයේ නියැළී සිටින සේවකයන් පිරිසක් ඊයේ (11දා) පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මේ වන විට මාරාන්තික උපවාසයක යෙදී සිටින තම සහෝදර සේවකයන්ගේ තත්ත්වය අසාධ්‍ය බැවින් තමන් හට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස සේවකයන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ සේවකයන් සාකච්ඡාවක් සඳහා අඟුණකොළපැලැස්ස මහින්ද අමරවීර මහතාගේ නිවෙසට කැඳවා තිබිණි.

මෙහිදී සේවකයන් වෙනුවෙන් අදහස් දක්වමින් මාගම්පුර සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් කියා සිටියේ මේ සේවකයන්ගෙන් 250කට පමණ වරාය අධිකාරියේ ස්ථිර පත්වීම් ලබාදී, වන්දි ගෙන අස්වීමට කැමැති අයට සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මේ ගැටලුව සඳහා සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයා සමඟ මෙන්ම අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට මේ ගැටලුව කඩිනම්ව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර සේවක ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් පසුගිය 09 වැනිදා සේවකයන් 11 දෙනකු ආරම්භ කළ මාරාන්තික උපවාසය තුන්වැනි දිනයටත් ඊයේ පැවැති අතර 10 වැනිදා සවස මාරාන්තික උපවාසයේ යෙදී සිටි එක් සේවකයකු, රාත්‍රි සේවිකාවක හා තවත් සේවකයකු අසාධ්‍ය වී හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. මාරාන්තික උපවාසය මේ වන විටත් පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon