මුහුදු ගිය අම්පේගම ධීවරයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

  👤  3301 readers have read this article !
By mawbima 2018-01-12

වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ්/ බටපොල රත්න පින්නදුව

මුහුදේදී හෘදයාබාධයකට ලක්ව මියගිය ධීවරයකුගේ සිරුරක් ගොඩබිමට රැගෙන එමින් සිටියදී දෙවුන්දර මුහුදේදී සිදුවූ බෝට්ටු අනතුරින් මියගිය හා අතුරුදන් වූ ධීවරයන් අතරින් දෙදෙනෙක් අම්පේගම - බැප්ටිස් ගම්මානයේ පදිංචිකරුවන්ය.

ඉන් එක් ධීවරයකු වන රසික ගීතප්‍රිය (46)ගේ සිරුර ඊයේ රාත්‍රියේ නිවෙසට ගෙන එනු ලැබීය. එම ගම්මානයේ අංක 5 නිවෙසේ පදිංචිව සිටි ඔහු එක් දරු පියෙකි.
මුහුදේදී හෘදයාබාධයකට ලක්ව මියගිය ධීවරයාද එම ගම්මානයේම අංක 31 නිවෙසේ පදිංචිව සිටි කොම්බූ හීබට් (65) නමැත්තෙකි. බෝට්ටු අනතුරත් සමඟ ඔහුගේ සිරුර ද අතුරුදන් වී ඇති අතර එම අතුරුදන්වූ ධීවරයන්ගේ සිරුරු සොයා නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.
කේ. හීබට් මහතාගේ සිරුර මේ වන විට නිවෙසට රැගෙන විත් නැත. කේ. හීබට් මහතා කුඩා කල සිට ධීවර කටයුතුවල නිරත වූ දක්ෂ ධීවරයකු වූ බවත්, ඔහු ගෝලයන් පුරුදු කරන දියඹට බය නැති පුද්ගලයකු බවත්, හදිසියේ හෘදයාබාධයක් සෑදී මියගියත් මේ වන විට තාත්තාගේ මුහුණ බැලීමට අපිට නැති නිසා අපිට තාත්තාගේ මිනියවත් ගෙනවිත් දෙන ලෙස කේ. හර්ෂනී (29) පවසයි. එච්. චන්ද්‍රාවති (56), කේ. රෝහණ (32) යන තිදෙනා මෙසේ අසරණ වී ඇත. ඔහු වසර ගණනාවක් දියඹට ගියත්, ඔහුව මුහුදු රකුසා විසින්ම ගිල ගැනීම සෝචනීය තත්ත්වයක් බව දරුවන් හා බිරිය පවසයි.

ඒ.පී. රසික ගීතප්‍රිය මෙන්ඩිස් ද මේ අනතුරින් මිය ගිය අතර, ඒ.ජී. සිතුම් මෙන්ඩින් (11) කේ.ඒ. ලිලානි නිරෝෂා විජේසිංහ බිරිය හා දරුවා අසරණ වී ඇත. මේ පවුල් දෙකම සුනාමි ව්‍යවසනයෙන් සිය දේපළ විනාශ වී පැමිණි අය වන අතර, ඔවුන්ට කළ හැක්කේ මුහුදු රස්සාව පමණක් වන බැවින් දිනපතා ධීවර කටයුතුවල නිරත වන බව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon