කම්-ඕ-ගෝ චිකාගෝ කියලා මෛත්‍රි එක්ක මම එළියට බැස්සා

  👤  3410 readers have read this article !
By mawbima 2018-01-12

2015 ජනවාරි 8 වෙනසට අවුරුදු තුනක් ඉක්ම ගොස් තිබියදී විපක්ෂය අහනවා මොනවද අපි කළේ කියලා. වසර තුනකට මෙපමණ වැඩ කොටසක් කළ කිසිම ආණ්ඩුවක් මීට පෙර තිබුණේ නැහැ. අපි කළේ නිහඬ සේවයක්, යැයි ඇමැති රාජිත සේනාරත්න පවසයි. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එජාප විශේෂ ජාතික සමුළුවේදිය. හෙතෙම මෙසේද කීය.

බොහෝ අය ධර්මය දන්නවා නමුත් හරියට කියා ගන්න බැහැ. ඒ වගේ තමයි අපි වැඩ කරලා තියෙනවා. නමුත් ඒ වැඩ ගැන හරියට කියලා නැහැ. පළමු වැනි අය - වැයෙන්ම රාජ්‍ය සේවයේ වැටුප වැඩි කළා. රුපියල් 10,000කින්. ඉතිහාසයේ කවදාවත් එහෙම වෙලා නැහැ. 2016 ජනවාරි සිට අපි රාජ්‍ය සේවයේ වැටුප රුපියල් 10,000ක මුදල මූලික වැටුපට එකතු කළා. 2019 සිට මේ මූලික වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට පියවර ගන්නවා.
පෞද්ගලික අංශයේත් වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමට කටයුතු කළා.

අගමැති ඩඩ්ලි සේනානායකගෙන් පසු පළමු වතාවට හාම්පුතුන්ට පඩි වැඩි කරන ලෙස නියෝග කළේ මේ ආණ්ඩුව.
සමෘද්ධිලාභීන්ගේ ලාභය දෙගුණ කළා. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් කළා.
නිවාස ඉදිකළා. අලුතින් විශාල පිරිසකට විදුලිය ලබාදීමට කටයුතු කරනවා.
සෞඛ්‍ය අංශයේ අත්‍යවශ්‍ය බෙහෙත්වල මිල අඩු කළා. ඔෟෂධ වෙළෙඳ නාම 42ක මිල අඩු කළා. තවත් ඉදිරියේදී අඩු කරනවා. අද සියලුම පිළිකා රෝගීන්ට පිළිකා ඔෟෂධ නොමිලේ ලබා දෙනවා. එක රෝගියකුට ලක්ෂ 180ක් වියදම් කරනවා.

දිස්ත්‍රික්ක 10ක නව රෝහල් ඉදිකරනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ ආණ්ඩුවෙන් විශාල ලෙස මුදල් වෙන් කරලා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. පාසල් පිරිවෙන්වලට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. දැන් අහනවා පොල් මිලක් ගැන. පාකිස්තානයේ, ඉන්දියාවේ හැම තැනම මේ නියඟය නිසා පොල් හිඟයි. තව ටිකකින් ඒකත් හරියාවි.
තේවල මිල කීයද? අපි එනවිට තේ කිලෝවක් රුපියල් 40යි. දැන් රුපියල් 100 - 110 අතර මිලකට තිබෙනවා. රබර්වල එදා කිලෝව 100ට තිබුණේ. අද රුපියල් 260යි. කුරුඳු එදා කිලෝව රුපියල් 700යි. අද රුපියල් 1400ක් වෙනවා. ජී.එස්.පී. ප්ලස් මහින්ද රාජපක්ෂ කාලේ තහනම් වුණා. අද ඒ තහනම ඉවත් කරපු නිසයි මේ තරම් මිල ඉහළ ගියේ.

දැන් මේ පට්ට හොරු ටික බැඳුම්කරේ ගැන කියනවා. ගිය ආණ්ඩුව කලේ කෝටි ප්‍රකෝටි ගාණක් ගහපු කට්ටිය, ඩුබායි බැංකුවේ හිටපු ජනාධිපතිගේ පවුල් අයට තියෙනවා ඩොලර් මිලියන 1086ක්. මේ සල්ලි ගෙනාවේ කොහෙන්ද? ලේකම්ගෙයි සභාපතිගෙයි ඒකාබද්ධ ගිණුමේ තියෙනවා රුපියල් ඩොලර් මිලියන 1800ක මුදලක්. හිටපු මන්ත්‍රිවරයකුගේ ගිණුමේ ඩොලර් මිලියන 500ක් තියෙනවා. රණවිරුවා කියලා ආරම්භ කළ කෙනාගේ මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 7.2ක මුදලක් හොරා කෑවා. එක මිග් එකකින් ඩොලර් මිලි. 7.2ක ලාභයක් ලැබුවා. මෙච්චර ගැහිල්ලක් ගහලා දැන් කතා කරනවා බොන්ඩ් එකක් ගැන. බොන්ඩ් එක නෙවෙයි මේ මිග් බොන්ඩ් එක තමයි අහන්න ඕනේ.

ලසන්ත මේ ගැන ලිව්වා. ලසන්තට විරුද්ධව ගල්කිස්ස උසාවියේ නඩුවක් දැම්මා. ලසන්තට මේ පිළිබඳව උසාවියේදී ඔප්පු කරගන්න බැරි වුණා. ඒ නිසා ලසන්තට කිව්වා සමාව ගන්න. ලසන්තත් සමාව ගත්තා. පසුව ඊට අදාළ තොරතුරු හොයාගෙන පත්තරේ පළ කරන්න සූදානම් වෙද්දී තමයි ලසන්තව ඝාතනය කළේ. මේවා හොයන්නට අපි පහු වුණු නිසා මේ අය අද බොන්ඩ් එකක් ගැන කතා කරනවා.

මම ගිය මැයි දිනයේදී ප්‍රකාශ කළා ඊළඟ මැයි දිනයට එනවිට මේ හොරුන්ව මිනීමරුවන්ව උසාවි දක්කලා තමයි නවතින්නේ කියලා. ලසන්තව, එක්නැළිගොඩව මරපු දරුවෝ මරපු දැන් රණවිරුවෝ කියලා බෝර්ඩ් ගහන් ඉන්න මේ අයව උසාවියට දක්කනවා. මිනීමරුවෝ කොහොමද රණවිරුවෝ වෙන්නේ.
අපි බොන්ඩ් කොමිසම ගෙනාවා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනවා. මේ ගැන විතරක් නෙවෙයි අර මිග් ගනුදෙනු ගැනත් අපි කතා කළ යුතුයි.
ඒ නිසා මේ යන ප්‍රචාරවලට විරුද්ධව මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මුදල් හා ජනමාධ්‍ය ඇමැතිගෙන් ඉල්ලා සිටිනවා මේ මැතිවරණය පැවැත්වෙන තුරු දිනපතා අපි එකතු වෙලා පසුගිය කාලේ සිදුවූ හොරකම් අපරාධ ගැන දෛනිකව උදේ, දවල් රෑ තුන්වේලෙම ජනතාවට සිහිපත් කර දෙමු කියලා.
2014 දෙසැම්බරේ මෛත්‍රි මහත්තයා එක්ක මම ආණ්ඩුවෙන් එළියට බැස්සේ කම් ඕ ගෝ චිකාගෝ කියලයි.

එහෙම ආවේ රාජපක්ෂ ආණ්ඩුවේ වැඩ දැකලා එපාවෙලා කලකිරිලා. ඒ අයට දඬුවම් දෙන්න තමයි ජනතාව එදා ජනවාරි 8දා උදේම නැඟිටලා ගිහින් අපට ඡන්දය දුන්නේ.
අපි දැම්මා බැඳුම්කරේට කොමිසමක්. කවදාද එහෙම කොමිසමක් කලින් දැම්මේ. කොයි නායකයාද බොන්ඩ් කොමිසමක් දාලා වැරැදි හෙව්වේ. මා මාධ්‍යයෙන් අහනවා කලින් සිටි එක නායකයකුට පුළුවන් වුණාද තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව මෙහෙම කොමිෂන් පත් කරන්න.

එදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරා නායක මැතිතුමා මේ වගේ එතුමාත් කමිටුවක් පත් කළා. එහෙත් ඊට පසුව කොයි නායකයාද මෙහෙම තමන්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට විරුද්ධව කොමිෂන් පත් කළේ?

සිරිසේන-රනිල් ආණ්ඩුවට විතරයි ඒ බලය තිබුණේ. මේ ගැන කමිටු පත් කළා. විපක්ෂයේ කෙනෙක්ව එහි සභාපති ලෙස පත් කළා.
මේ ඔක්කොම කරලා වාර්තාව ආවාම ඔක්කොම බලන් හිටියා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව ඉවත් කරන්න.

ත්‍යාග ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon