සර් පොන්නම්බලම් අරුණාචලම්ගේ 94 වැනි ගුණසමරුව චාම් අන්දමින්

  👤  3572 readers have read this article !
By mawbima 2018-01-12

නුවන් හෙට්ටිආරච්චි

සර් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 94 වැනි ගුණ සමරු උත්සවය ඉකුත්දා (9දා) ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සාහිත්‍ය, ගණිත ක්‍ෂේත්‍රයේ විශේෂ නිපුණතාවකින් හෙබි ඒ මහතා ශේ‍ර්ෂ්ඨ නායකයකු ලෙසත්, නිදහස් සටනේ වීරයකු ලෙසත් ප්‍රසිද්ධියට පත් අයකු ලෙස හඳුන්වා දෙමින් ආපදා
කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සර් පොන්නම්බලම්ගේ පිළිරුවට මල් මාලා පැලැන්දවීය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
මෙම සමරු උත්සවය සංවිධානය කර තිබුණේ උතුරු කොළඹ හින්දු පරිපාලන සංගමය විසිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon