නියඟෙට මුහුණ දෙන්න විද්වතුන්ගේ කමිටුවක්

  👤  3308 readers have read this article !
By mawbima 2018-01-12

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිතුමා මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය, ඉදිරි සැලසුම් සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ 2017 වර්ෂයට අදාළ ප්‍රගතිය සහ 2018 වර්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳවද මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබේ.

ජාතික පරිසර ප්‍රතිපත්තිය සකස් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් හා නිසිකලට වැසි නොලැබීමෙන් ඉදිරියේදී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනාගනිමින් ඊට මුහුණ දිය හැකි ආකාරයෙන් කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රවලට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon