හිමාලය දිනූ 'ජාවා' කණ්ඩායම යළි දිවයිනට

  👤  3318 readers have read this article !
By mawbima 2018-01-12

හර්ෂනී අර්සකුලරත්න

"මවුබිම"ට කීර්තියක් එක් කරමින් දරුණු කාලගුණ තත්ත්වයක් යටතේ අඩි 20,305 උසැති අයිලන්ඩ් කන්ද හා තවත් කඳු 6ක් තරණය කළ ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන මෘදුකාංග ඉන්ජිනේරු අපේක්ෂක කණ්ඩායම පෙරේදා (10දා) දිවයිනට පැමිණ තිබේ.
අධික ශීත කාලගුණයක් සහිත දෙසැම්බර් මාසය යනු කඳු තරණය කරන්නන් සඳහා වන සහාය කණ්ඩායම් පවා දැඩි ශීත කාලගුණය හේතුවෙන් කඳු තරණය නොකොට කඳුවලින් පහළ බසින කාලසීමාවක් බව ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කොළඹ) නිරෝධ රූපසිංහ පැවැසුවේය.
මේ ශිෂ්‍ය කණ්ඩායම සැලසුම් කළ දිනට වඩා දින 10ක් මේ සඳහා වැය වී ඇති බවත් ඔවුන් මුහුණ පා ඇති දරුණුතම අභියෝගය වී ඇත්තේ කඳු තරණයේදී ඔක්සිජන් අඩුවීම ආදී විවිධ හේතූන් නිසා ඇතිවන විවිධ දුබලතාවන්ට මුහුණ දීම බවද හෙතෙම පැවැසීය.

ඇතැම්විට ඔවුන් තරණය කළ කඳු ආශි්‍රත ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 16-20ත් අතර අගයක් ගෙන තිබූ බවද මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 35% - 40% ප්‍රමාණය දක්වා අඩු වී ඇති බවද ඔහු පැවැසුවේය.

දරුණු කාලගුණ තත්ත්වයක් යටතේ කිසිදු විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක් මෙවැනි කඩ යිමක් පසුකර නොමැති බවත් ඉකුත් දෙසැම්බර් 09 වැනිදා ආරම්භ කළ මේ සංචාරයට එෂාන් ඕෂධ, දිල්ෂාන් නවින්ද හා මනීෂ චන්දුල යන සිසුන් එක්වී තිබේ. ඒ සඳහා ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ භාතිය තිසේරාද ඔවුන් හා එක්වී ඇත.
එළැඹෙන අප්‍රේල් මාසයේදී එම උසස් අධ්‍යාපන ආයතනයේ තවත් කණ්ඩායමක් අඩි 29,029ක් උස එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon