ඇත් දළ යුගලය කොටස්වලට කපා පරීක්ෂා කිරීමට අවසර දෙන්න

  👤  3568 readers have read this article !
By mawbima 2018-01-12

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

විල්පත්තුව වනෝද්‍යානයේ තන්තිරිමලය සීමාවේදී ඝාතනයට ලක්වූ බවට සැකකරන කල්ලාරු ඇතාගේ බවට සැකකරන දළ යුගලය සත්‍ය වශයෙන්ම එම ඇතාගේම ඇත් දළද යන්න පරීක්ෂණවලින් නිගමනය කිරීම සඳහා එය කොටස්වලට කැපීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලෙස ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මිකා මල්සිංහ මහත්මිය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
කල්ලාරු ඇතාගේ බවට සැකකරන දළ යුගල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත ඉදිරිපත් කිරීම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පසුගිය 8දා සිදු කළහ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතාගෙන් පසුගියදා (5දා) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ ඉල්ලීම මත ඉදිරි පරීක්ෂණ ස¼දහා දළ යුගල අදාළ ආයතනවලට ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමට අවසර ලබා දෙමින් නියෝග නිකුත් කළේය.

ඒ අනුව අදාළ ඇත් දළ යුගලය ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සත්‍ය වශයෙන්ම ඇත් දළද එසේත් නැත්නම් ව්‍යාජව සැකසූ එකක්ද යන්න සනාථ කර ගැනීම සඳහා කොටස් කීපයකට කපා පරීක්ෂණ සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරි ඩී.ඩී. දසනායක මහතා අධ්‍යක්ෂ ජනරාල්වරියට දන්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon