ජපන් ආධාරවලින් ඉදිකළ වෙල්ලාන්කුලම් වෙළෙඳපොළ තවම වැහිලා

  👤  3589 readers have read this article !
By mawbima 2018-01-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ජපානයේ ජයිකා ආධාර මත මන්නාරම වෙල්ලාන්කුලම් හන්දිය අසල ඉදිකළ වෙළෙඳපොළ විවෘත නොකොටම කාලයක් තිස්සේ වසා දමා තිබීම බලවත් අපරාධයක් බව මන්නාරම වෙළෙඳ සංගමය විසින් මන්නාරම දිසාපතිවරයාට පෙරේදා (10දා) දැනුම් දී තිබේ.
වෙළෙන්දන්ට වෙළෙ¼දාම් කිරීම ස¼දහා ඉදිකොට දුන් මේ ගොඩනැඟිල්ල මෙතෙක් විවෘත නොකිරීම නිසා රාත්‍රි කාලයට විවිධ අන්දමේ අපචාර ක්‍රියා මේ ගොඩනැඟිල්ලේ සිදුවන බව මන්නාරම එක්සත් වෙළෙඳ සංගමය දිසාපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ වෙළෙඳසල ඉදිකිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනය හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 22ක මුදලක් වැය කොට ඇත. මේ වන විට එම ගොඩනැඟිල්ල වල් බිහිවෙමින් හා විනාශ වෙමින් පවතින බවද එක්සත් වෙළෙඳ සංගමයේ නිලධාරීහු කියා සිටිති.

නිසි ‍ෙදාරවල් හෝ ආරක්ෂාවක් නොමැති නිසා මේ ගොඩනැඟිල්ල දිනෙන් දින විනාශයට පත්වන බැවින් එහි වෙළෙඳසලක් පවත්වාගෙන යෑමට නොහැකි නම් පළාතේ වෙනත් පොදු අවශ්‍යතාවක් සඳහා හෝ එම ගොඩනැඟිල්ල ලබා දෙන මෙන් මන්නාරමේ එක්සත් වෙළෙඳ සංගමය මන්නාරම දිසාපතිවරයාගෙන් ඉල්ලිමක් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon