දික්වැල්ලේ රිය අනතුරෙන් වෑන් රියැදුරා මරුට

  👤  3622 readers have read this article !
By mawbima 2018-01-12

දික්වැල්ල - සිරි ලන්දගේ

පොල්ගහමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 29දා පැවැති සාදයකට සහභාගි වී ආපසු මාවැල්ල ප්‍රදේශයේ නිවෙස් බලා යමින් සිටි තරුණයන් පිරිසක් රැගත් වෑන් රථය, දික්වැල්ල, නව බෙලිඅත්ත පාරේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෑන් රථයේ රියැදුරා වන 21 හැවිරිදි තරුණයා පෙරේදා (10දා) රාත්‍රි මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.
පරණමානගේ චම්පික මදුමාල් ජයසංඛ නමැති අවිවාහක තරුණයකු මෙසේ මරුමුවට පත්වී ඇත.

දික්වැල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති කෞශල්‍ය නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් දිල්නාත් මහතා (33415) වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon