පාලන මිලට වැඩි මිලට පොල් විකුණනවා

  👤  3530 readers have read this article !
By mawbima 2018-01-12

දඹුල්ල - කේ.කේ. ආරියදාස

පාලන මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කිරීම ශීඝ්‍රයෙන් සිදුවන බවත් මැතිවරණ උණුසුමත් සමඟ පාලන මිලට පොල් අලෙවි වෙනවා දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය හෝ කිසිදු ආයතනයක් වැටලීම් නොකරන බවත් ජනතාව පෙන්වා දෙති.
මාතලේ, ලග්ගල, සීගිරිය, දඹුල්ල, ගලේවෙල, නාඋල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ දිනවල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 75 සිට 100 දක්වා වූ මිලකට බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
ඉතාම කුඩාම පොල් ගෙඩියක් රුපියල් හැත්තෑ පහකට අලෙවි වන අතර එම වෙළෙඳසල්වලම තබාගෙන අනෙකුත් පොල් ගෙඩි රුපියල් 80, 90, 100 ආදී මිල ගණන් යටතේ ප්‍රසිද්ධියේ අලෙවි කරන ස්ථාන මෙන්ම ඉතා රහසිගතව තෝරාගත් ගැනුම්කරුවන්ට පමණක් පොල් අලෙවි කිරීමේ ක්‍රියාවලියක්ද මාතලේ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

රට පුරා මැතිවරණ උණුසුම වැඩි වන්නට පටන් ගැනීමත් සමඟ පාරිභෝගික අධිකාරියේ වැටලීම් සහ පොල් මිල පිළිබඳ කිසිදු අයකුගේ අවධානයක් නොමැති වීම නිසා රජය විසින් ලබාදී ඇති පාලන මිලට පොල් අලෙවි නොකිරීම සිදුකරන බව පාරිභෝගික ජනතාව තවදුරටත් පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon