පෙරියකට්ටුකුලම් රක්ෂිතයෙන් කැපු බුරුත තොගයක් සමග ට්‍රැක්ටරයක් මහ රෑ අල්ලයි

  👤  3509 readers have read this article !
By mawbima 2018-01-12

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

වවුනියාව ඕමන්ත පොලිස් වසමට අයත් පෙරියකට්ටුකුලම් රක්ෂිතයේ සිට රහසිගතව අනවසර බුරුත දැව ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (10දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා ක¼දවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් රැකවල් යොදා සිටින අවස්ථාවේදී අනවසරයෙන් බුරුත කඳන් තොගයක් පටවා ගත් ට්‍රැක්ටරයක් සැකකරුවන් දෙදෙනකුද සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ට්‍රැක්ටරය අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා ඕමන්ත පොලිසියට භාරදී ඇති අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
මේ දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂක අමරසිංහ, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන රාජකරුණා (24419), ප්‍රසන්න (36665), පොලිස් කොස්තාපල්වරුන් වන ඉටගොඩ (11482), ජයසිංහ (17293), රූපසේන (85687), ප්‍රසාද් (90367) යන නිලධාරීන් සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon