මන්නාරම් මහ කැලේ මහා දැව ජාවාරමක් හෙළි වෙයි

  👤  3637 readers have read this article !
By mawbima 2018-01-12

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

මන්නාරම මඩු රක්ෂිතයෙන් කපා ගන්නා දැව කැලේදීම කපා කුට්ටි කොට යතුරුපැදි මාර්ගයෙන් දැව ප්‍රවාහනය කරන මහ පරිමාණ ජාවාරමක් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගැනීමට මඩු වන සංරක්ෂණ නිලධාරීහු සමත් වූහ.
මඩුපාර රක්ෂිතයේ රහසිගතව බුරුත ගස් කපා කැලේදීම කුඩා කුට්ටිවලට ඉරන ජාවාරම්කරුවන් විසින් අනතුරුව දැව ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන්නේ යතුරුපැදිය. යතුරුපැදි මඟින් දැව ප්‍රවාහනය කිරීමට පෙර ප්‍රවාහනය කරන ලද මාර්ගවලට හා කැලේට ඔත්තුකරුවන් යොදා දැව යතුරුපැදිවලින් රැගෙන ගොස් පෞද්ගලික ඉඩම්වල සඟවා අනතුරුව වාහන මඟින් ප්‍රවාහනය කිරීම සිදු කොට ඇති බවට මඩු වන නිලධාරීන් සොයාගෙන ඇත.

මඩු වන නිලධාරීන්ට මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මඩු වන නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි වැටලීමක් සිදු කොට යතුරුපැදි දෙකකින් දැව ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන් පස් දෙනකුද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මඩුපාර රක්ෂිතයේ අඩවිවන නිලධාරි එල්.ඒ.එස්. යාපා මහතාගේ උපදෙස් පරිදි මඩුපාර අතිරේක අඩවි වන නිලධාරි කේ.එච්.එස්. කාරියවසම්, මුල්ලිකුලම් බීට්ටු වන නිලධාරි චමින්ද ධර්මසේන, වෙල්ලාන්කුලම් බීට්ටු වන නිලධාරි එම්.කේ. ජී. සංජීව වන ක්‍ෂේත්‍ර සහකාරවරුන් වන ආර්.ඩී. වික්‍රමපාල, බී.ඩී.ටී. බාලසූරිය යන අය විසින් මේ වැටලීම සිදු කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon