ගුරුවරිය දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රිට කැෆේ එරෙහි වෙයි

  👤  3574 readers have read this article !
By mawbima 2018-01-11

උපතිස්ස පෙරේරා

උෟව පළාතේ ප්‍රමුඛ දේශපාලනඥයකු විසින් උෟව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවෙසට කැඳවා ඇය දණගස්වා....සිසුවියක් එම පාසලට ඇතුළත් කිරීමට බලපෑම් කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

එම බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කර ගැනීම සඳහා ඇගේ මවුපියන් විසින් අදාළ දේශපාලනඥයාගෙන් ලිපියක් රැගෙන එම විදුහල්පතිනිය හමුවූ අවස්ථාවේ තමන් බැඳී සිටින්නේ දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොව අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කිරීමට පමණක් බව පවසා එම ලිපිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සිද්ධිය වී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සිය ලිපිය මඟින් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම්දී තිබේ.
මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ට සම්පන්න නොවන අමානුෂික ක්‍රියාවක් බව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon