ජාතික රෝහලේ හෙදියෝ අද ලෙඩ වෙති

  👤  3325 readers have read this article !
By mawbima 2018-01-11

නුවන් හෙට්ටිආරච්චි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද ගැටලුවට ඉදිරි පැය 24 තුළ විසඳුමක් නොලැබුණහොත් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද හෙදියන් අද (11දා) පෙරවරු 7.00 සිට හෙට (12දා) පෙරවරු 7.00 දක්වා ලෙඩ නිවාඩු දමන බව රාජ්‍ය සේවා...එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයකට යෑමටද සූදානම් බවත් ඒ හිමියෝ සඳහන් කළහ.
නාරාහේන්පිට අභයාරාමස්ථ දේශන ශාලාවේදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් එම හිමියෝ මේ බව පැවැසූහ.

කොළඹ රෝහලේ වෛද්‍යවරයකුව සේවය කළ වෛද්‍යවරයකු ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත්ව එම රෝහලේ හෙද සේවකයන් සඳහා වූ සියලු ප්‍රතිපාදන ඉවත් කර ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් කළ ආනන්ද හිමිපාණෝ මෙම ගැටලුවට විසඳුම් වශයෙන් වත්මන් අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත් ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ සවිකළ ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.

කිසිදු සුදුසුකමක් නැති අධ්‍යක්ෂවරයා දේශපාලන සුදුසුකමකින් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ ලෙස පත්ව සිටින බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon