බැඳුම්කර කොමිෂන් වාර්තාවෙයි පර්පචුවල් ගිණුම් වාර්තාවෙයි මිලියන 6,755ක පරතරයක්

  👤  3330 readers have read this article !
By mawbima 2018-01-11

අනුරාධා හේරත්

බැඳුම්කර කොමිෂන් වාර්තාවේ හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් වාර්තාවේ පරතරයක්ව පවතින රුපියල් මිලියන 6,755 පිළිබඳ මහ බැංකුව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි දූෂණ විරෝධී හඬ ඉල්ලීමක් කරයි.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ එකී බැඳුම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි රටට වූ පාඩුව රුපියල් මිලියන 11,500ක් වන අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් වාර්තාවේ සඳහන් ලාභය රුපියල් මිලියන 18,255ක් බවත් එහි පරතරයක් වන රුපියල් මිලියන 6,755 අර්ජුන් ඇලෝසියස් රඳවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවත්ය.

වසන්ත සමරසිංහ මහතා "මව්බිම"ට පැවැසුවේ අදාළ ගනුදෙනුව ගැන සොයා බැලීමට දෙවැනි ජනපති කොමිසමක් හෝ පත් කළ යුතු බවය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉපැයූ අයථා ලාභය නිවැරැදිව දන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බැවින් වහාම එහි ලාභය රටට හෙළි කළ යුතු බව සමරසිංහ මහතා අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ මහ බැංකු ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කළ ජනපති කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි බැඳුම්කර වංචාවෙන් රටට වූ පාඩුව නිවැරැදිද යන්න සොයා බැලීමේ අවශ්‍යතාව කඩිනමින් කළ යුතු බවය.ඡ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon