19වැනි සංශෝධනය ඊළඟ ජනාධිපතිවරණයට බලපාන්නේ නැත්නම් මටත්, චන්ද්‍රිකාටත් තරග කරන්න පුළුවන්

  👤  3585 readers have read this article !
By mawbima 2018-01-11

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතිනවාද කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.
2015 බලයට පත් ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් බලයේ සිටීමට හැකි බව ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළහොත් තමාට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon