කෝලිගේ දැවී යෑම නිසා දුක් වූ ඉන්දීය ජාතිකයෙක් ගින්නෙන් දැවී යයි

  👤  3618 readers have read this article !
By mawbima 2018-01-11

පසුගියදා නිමාවූ දකුණු අප්‍රිකා-ඉන්දියා පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය නායක විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම නිසා සිරුරට ගිනි තබා ගනිමින් පුද්ගලයකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය දුම්රිය සේවයේ නියුතුව සිට විශ්‍රාම ගත් බාබුලාල් බයිර්වා නම් 63 හැවිරිදි පුද්ගලයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිරුරට ගිනි තබා ගැනීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු රත්ලාම් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. සිය නිවෙසේ රූපවාහිනියෙන් තරගය නරඹමින් සිටි ඔහු ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් අනතුරුව එසේ සිය සිරුරට ගිනි තබාගෙන තිබේ. කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ආරක්ෂක අංශ වෙත ඔහු පවසා ඇත්තේ විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමෙන් ඇතිවූ සිත් වේදනාව නිසා සිය සිරුරට ගිනි තබාගත් බවයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 71ක ජයක් හිමි වූ අතර එම තරගයේදී ඉන්දීය නායක කෝලි පළමු ඉනිමේදී ලකුණු 5කටත් දෙවැනි ඉනිමේදී ලකුණු 28කටත් දැවී ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon