මොනරාගල හම්බෙගමුව ආරක්‍ෂිත කැලයේ් ලක්‍ෂ 15ක ගංජා හේනක් වටලයි

  👤  2995 readers have read this article !
By mawbima 2018-01-11

බුත්තල- නයන කුමාර

මොනරාගල හම්බේගමුව මවු ආර රක්‍ෂිත කැලයේ සරුසාරව වගා කර තිබූ අඩි 9ට අධික උස ගංජා හේනක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමත් වී ඇත.
මෙම වැටලීම සිදුවී ඇත්තේ මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ඔහුගේ බුද්ධි අංශ මඟින් ලබා දුන් තොරතුරක් මතයි. මෙම ගංජා තොගයේ දළ වෙළෙ¼දපොළ වටිනාකම රුපියල් ලක්‍ෂ පහළොව ඉක්මවන බව පොලිසිය පවසයි. ගංජා ප්‍රවාහන අපහසුතා නිසා ගංජා හේනේදීම ගිනි තබා විනාශ කර අධිකරණයට ඉදිරිපත් කිරීම ස¼දහා ගංජා ගස් කිහිපයක් පොලිසියට ගෙනැවිත් ඇත. මෙහි තිබූ ගංජා ගස් 4613ක් ගිනි තබා විනාශ කළ බව පොලිසිය පවසයි.
ගංජා සමඟ අත්අඩංගුවට පත්වී ඇත්තේ අලුත්වැව හම්බේගමුව පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙකි.

ගංජා සාම්පල් හා සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හම්බේගමුව පොලිසියට භාර දී ඇති අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ වැටලීම කර ඇත්තේ මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි ස.පො.අ. ජයන්ත රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේරත්න, පො.සැ. වසන්ත (1491), පො.කො. සිසිර (57989), දිසානායක (6136), රොමේෂ්් (66530), දිසානායක (81786), කාරියප්පෙරුම (83392), පො.කො. සේනාරත්න (80206) යන පොලිස් නිලධාරීන් විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon