මාරාන්තික උපවාසයේ යෙදුණු මාගම්පුර වරායේ සේවකයෙක් රෝහලට

  👤  2989 readers have read this article !
By mawbima 2018-01-11

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

තමන් වරාය අධිකාරියට බ¼දවා ගන්නා ලෙස ඉල්ලමින් පෙරේදා (09දා) සිට හම්බන්තොට මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් ‍ෙදාරටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ මාගම්පුර වරායේ සේවකයන් එකොළොස් දෙනාගෙන් එක් අයකු අසාධ්‍ය තත්ත්වයේ පසු වීම හේතුවෙන් ඊයේ (10දා) සවස හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

සේවකයන් ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය දෙවැනි දිනයටත් ඊයේ (10දා) පැවැති අතර සවස කාලයේදී ප්‍රදේශයේ මහා සංඝරත්නය එම ස්ථානයකට වැඩම කොට මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයන් හට ආගමික ආශිර්වාදය ලබා දෙන ලදී.

"මේ වනවිට අපේ සහෝදර සේවකයන් 11 දෙනකු මාරාන්තික උපවාසයකට යොමුවෙලා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මාගම්පුර වරායේ සේවය කළ සේවකයන් 438 දෙනකු අසාධාරණ ලෙස එළියට ඇද දමා තිබීම. මේ වනවිට විශාල ණය බරක සිටින මේ සේවකයන් තම රැකියා රැකගැනීම සඳහා මේ ආකාරයෙන් මාරාන්තික උපවාසයක යෙදෙනවා" යැයි මාගම්පුර වරායේ රැකියා අහිමි වූවන්ගේ සංගමයේ ලේකම් ශානක සම්පත් කියා සිටී.

එමෙන්ම වරාය අධිකාරියට සියලු සේවකයන් අනියුක්ත කරන තුරු සියලු දෙනාම මේ ස්ථානයේ රැඳී සිටින බවත් මාරාන්තික උපවාසය අත් නොහරින බවත් මේ වනවිට කිසිදු බලධාරියකු සේවකයන්ගේ රැකියා ගැටලුව විසඳීමට පිළිතුරක් ලබාදී නොමැති බවත් ඔහු කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon