අනුරාධපුර ශ්‍රීලනිප රැලියට සහභාගි වූ ජනාධිපති සංගම් කිහිපයක් සමඟ සාකච්ඡාවක

  👤  3431 readers have read this article !
By mawbima 2018-01-11

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පළාත් පාලන මැතිවරණයට තරග කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ පැවැත්වූ මංගල රැලියට පෙර ඒ මහතා මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ ජාතික කිරි ගොවි ව්‍යාපාරයේ නිලධාරීන් සමඟ ඊයේ (10දා) දහවල් විශේෂ සාකච්ඡාවක නිරත විය.

අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡා අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon