ලොවෙහි වන විනාශ කරන රටවල් අතරින් ලංකාව 4 වැනි තැනට පර්යේෂණයකින් හෙළිවන බව වෛද්‍ය ප්‍රසන්න කුරේ කියයි

  👤  3720 readers have read this article !
By mawbima 2018-01-11

උදයන්ති මුණසිංහ

ස්වීඩනයේ ගෝතන්බර්ග් (ට්ධබඩඥදඡභපඨ) විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකට අනුව වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිබෙන බව පරිසර ක්‍රියාකාරී වෛද්‍ය ප්‍රසන්න කුරේ සඳහන් කරයි.
අද වනවිට ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන දෙවැනි ප්‍රධානතම සාධකය වන්නේ ලෝකය පුරා සිදුවන දැවැන්ත වනාන්තර විනාශය බවත්, එම විනාශය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට සිදුවන වනාන්තර විනාශය නිසා රටේ වන ගහනය මෙරට භූමි ප්‍රමාණයෙන් 16%කට අඩුවී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ආණ්ඩුව සංඛ්‍යා දත්ත පෙන්වමින් රටේ වන ගහනය 26%ක් පමණ බව පුන පුනා පවසමින් රටේ ජනතාවට වැරැදි චිත්‍රයක් මවාපාන බවද හෙතෙම සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon