කිලිනොච්චියේ මාරක රිය අනතුරෙන් 4ක් මරුට : අයකුට බරතළයි

  👤  3162 readers have read this article !
By mawbima 2018-01-11

මුලතිව් - ශෂිකුමාර්, සහ ඕමන්ත ශේෂලා අමරසිංහ සහ වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය-මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් පෙරේදා (9දා) රාත්‍රි සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හතර දෙනකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි මාන්කුලම් පොලිසිය කීය.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ කොකාවිල් ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයක් හා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගිය අයගේ මළ සිරුරු මේ වන විට කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයාද කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බවට කිලිනොච්චිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ අල්වායි උතුරු ප්‍රදේශයේ පදිංචි නවරත්නම් අරුන් (24) යාපනයේ චන්ද්‍රසේකරන් ජෙයචන්ද්‍රන් (36) යාපනයේ සිවසුබ්‍රමනියම් සින්දුජන් (19) හා යාපනයේ සින්නමුත්තුරේ ක්‍රිෂ්ණරූපන් (19) යන අය බව හඳුනාගෙන ඇත. රෝහල් ගතකර සිටින්නේ යාපනයේ පදිංචි 19 හැවිරිදි පී. තාවරන්ගන්ය. මියගිය අය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් පසුව මළ සිරුරු ඥාතීන් වෙත භාර දී තිබේ. රියැදුරු බීමත්ව සිටියේද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට කිලිනොච්චිය පොලිසිය රෝහලේ වෛද්‍ය නිලධාරියා වෙත වාර්තාවක් ඉදිරිපත් කොට ඇතත් එම වාර්තාව මේ දක්වා නිකුත් වී නොමැත.
වෑන් රථයේ රියැදුරු පාර අයිනේ නතර කොට තිබූ ටිපර් රථය නොදැකීම හෝ වෑන් රථයේ රියැදුරුට නින්ද යෑම නිසා හෝ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

කිලිනොච්චිය පොලිසිය හා මාන්කුලම් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon