බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක්ද?

  👤  3024 readers have read this article !
By mawbima 2018-01-11

බැඳුම්කර වාර්තාවේ අන්තර්ගතයේ කොටසක් මඟින් 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය විය හැකි බැවින් එම වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි බවට අදහසක් ඉදිරිපත් කර ඇත. බැඳුම්කර කොමිෂන් සභාවේ සාක්ෂි දීමෙන් අර්ජුන් ඇලෝසියස් ගලවා ගත් අයුරින් බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම එමඟින් වළක්වා ගැනීම එහි ඉලක්කයයි.

අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත යනු කුමක්ද..?
1927 අගෝස්තු 1 දින සිට බල පැවැත්වෙන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත 1983 අංක 22 පනත මඟින් සංශෝධනය වී ඇත. අශ්ලීල ප්‍රකාශන (මුද්‍රිත අකුරු, රූ සටහන්, චිත්‍ර ප්‍රකාශන, සලකුණු, ඡායාරූප, සිනමා නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය හෝ ඒ හා සම්බන්ධ ව්‍යාපාරයකට හවුල් වීම සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදනයකි. ඒ යටතේ ඉදිරිපත් කළ හැකි චෝදනා වර්ග දෙකක් වන අතර වරදකරු වන අයකුට සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ හැකිය. (වාරණ පුරාණය-වාරණය - ප්‍රභවය හා විකාශනය පිටුව 186)

අතීත කතාව
2017 නිදහස් දිනය ආසන්න දිනෙක අර්ජුන මහේන්ද්‍රන්ගේ කේ‍රඩ්ට් කාඩ් වියදම පිළිබඳ අභ්‍යන්තර විගණන වාර්තාවක් ගැන අපට තොරතුරු කිහිපයක් ලැබිණි. එම තොරතුරු ජනතා විමුක්ති පෙරමුණට ("දූෂණ විරෝධී හඬ") ද ලැබී තිබූ අතර "ලංකා ටෘෘත්" වෙබ් අඩවිය එය පළ කළේය. වසන්ත සමරසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා බිය නැතිව ඒවා ප්‍රසිද්ධ කළේය.
නියමිත මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ගුවන් ගමන්, හෝටල් කාමර කිහිපයක් එකවර පරිහරණය, පෞද්ගලික පරිහරණය සඳහා (පැම්පස් වැනි භාණ්ඩ) මිලදී ගැනීම පිළිබඳ ඒ අනුව කරුණු හෙළි විය. දරුවන් අඳින පැම්පස් 60 හැවිරිදි අයකුට අවශ්‍ය වන්නේ ඇයි..? යන පැනය ඒ අනුව මතුවිය. අර්ජුන මහේන්ද්‍රන් මහතා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඒ ගැන කතා නොකළ යුතු බවද ඉදිරිපත් වූ අදහසකි. එයට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් සරල පැහැදිලි කිරීමක් දුන්නේය මෙසේය.
"ස්ත්‍රී පුරුෂ ලිංගික සංසර්ගයකදී යෝනි මාර්ගය සැකසී ඇත්තේ ශුක්‍ර තරලය ගර්භාශය දක්වා ඉහළට ගෙන යෑමටය. නමුත් ගුද සංසර්ගයකදී ශුක්‍ර තරලය ගුද මාර්ගය දිගේ ඉහළට නොයා අඛණ්ඩව පහළට ගලා එයි. මන්ද ගුදයේ පේශී සකස් වී ඇත්තේ මලපහ බැහැර කිරීමට මිස යෝනි මාර්ගයේදී මෙන් ශුක්‍ර ශරීර අභ්‍යන්තරයට රැගෙන යෑම උදෙසා නොවේ"

මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර විගණන වාර්තාවේ ගෙවීම් 163ක් පිළිබඳ විමසුම් කර තිබිණි. මාස 6ක් මහ බැංකුව විසින් කටයුතු කර නොතිබූ එම වාර්තාවේ,
වැඩිපුර අමුත්තන් සඳහා නවාතැන් වෙන් කිරීම, (අවස්ථා 3යි), එකම දිනක එකම හෝටලයකට වඩා බිල්පත් ඉදිරිපත් කිරීම (අවස්ථා 3යි), සුරාබදු නීතිය උල්ලංඝනය කිරීම (අවස්ථා 3යි), අදාළ නොමැති වියදම් නිල වියදම් ලෙස සැලකීම (අවස්ථා 1යි), අධිපති නිල නිවෙසට ආසන්න වෙනත් නවාතැන්වල සිටීම (අවස්ථා 1යි)
යන කරුණු ඉහත විශ්ලේෂණයට පැහැදිලිව අදාළ විය. ඒ අනුව එම කරුණු සත්‍ය බව පිළිගැනීමට අපට සිදුවේ.

ලංකාවේ නීතිය හා ව්‍යවහාරය
සම ලිංගිකත්වය ලංකා නීතිය අනුව සිර දඬුවම් ලැබිය හැකි "පුද්ගලයන් අතර අශෝභන ක්‍රියා" යටතේ ගැනෙන අපරාධමය වරදකි. මෙම නීතිය මෑත කාලයේ ක්‍රියාත්මක වී නැත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී දින ගණනාවකින් සිදුවූ පළමු බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි 11,000ට වැඩිය. අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි එය ගඩොල් පෝරනු 5කට වඩා විශාල නෝට්ටු ප්‍රමාණයකි.

බැඳුම්කර වංචාව, හොරකම නීතියට පිටින් සිදුවූ ජනතාව සහ ඔවුන් පත්කර ගත් පාලකයන් අතර කැමැත්තෙන් සිදුවූ "ගුද සංසර්ගයක්" නොවේ. බලහත්කාරයෙන් සිදු කරන, පීඩාකාරී, "ගුද සංසර්ගය" කි. එහි පීඩාව "කසාද බිරියට" නොව කෝටි 2ක ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ, ළමා, ළදරු, අතදරු, ගොළු, බිහිරි, අබ්බගාත සියල්ලට බලහත්කාරයෙන් සිදුකළ විනාශකාරී පහත් ක්‍රියාවකි. "ලිහිසි ආලේපන - කොන්ඩම්" නොමැති මාරාන්තික ලෙඩ රෝග ඇති කරන වැඩකි. පොලී අනුපාත ඉහළ යවමින් එය රටේ ආර්ථිකය විනාශ කොට ඇත.
රවි කරුණානායක "බිලිබෝයි" කොට එහි සැබෑ ප්‍රතිලාභීන් 31ක්, ඔව් 31ක් සැඟවෙන්නට උත්සාහ දරන බව බැඳුම්කරය ගැන දින 1033ක් මා විසින් ලබා ඇති අවබෝධයයි. නමුත් බැඳුම්කරේ "මහ මොළය" රවි නොවේ.

ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ නොකරන තාක් සිදුවන්නේ බැඳුම්කරයේ මහ මොළය, ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ හා මෙහෙයුම්කරුවන්ට ආවරණය ලැබීමය. එබැවින්, 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත නිසා බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි බව තර්ක කිරීම "මහජන සුබසෙත" නොතකා හැරීමකි.
එබැවින් "පුද්ගලයන් අතර අශෝභන ක්‍රියා" වගන්තියෙන් ආවරණය වන කොටස ඉවත් කර හෝ බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වන ඉල්ලීම් අනුව නිදහස් කිරීම, පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ජනාධිපති ලේකම්වරයා විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය! එසේ නොවන්නේ නම්, බැඳුම්කරයට නම් කියවී ඇති තම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රිවරු ගැන ජනාධිපතිවරයා "සෑහීමකට පත්වන්නේද යන්න" ඔහු විසින් රටට ප්‍රකාශ කළ යුතුව ඇත.

ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළේ "බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් සොයාගැනීම" සඳහා මිස මහ බැංකු අධිපතිගේ පැම්පස්, හෝටල් කාමර වියදම් ගැන සෙවීමට නොවේ. යල්පැන ගිය නීතියක් වන "පුද්ගලයන් අතර අශෝභන ක්‍රියා සිදුවූයේද..?" යන්න දැන ගැනීමටද නොවේ. බැඳුම්කර වංචාව ගැන සොයන්නට මිස රවිට කළ අයුරින් නිවාස කුලිය ඉදිරියට දමා සැබෑ වංචනිකයන්ට සැඟවී යන්නටද නොවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon