යාලට යන ජීප් ගණන වැඩි වෙයි : සත්තු බයේ හැංගෙති

  👤  3246 readers have read this article !
By mawbima 2018-01-11

සපුමල් ජයසේන

දේශපාලනඥයන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් යාල ජාතික වන උද්‍යානයට දිනකට ඇතුළු කළ හැකි ජීප් රථ සංඛ්‍යාව හයසියය (600) දක්වා වැඩිකිරීම හේතුවෙන් උද්‍යානයේ වනසතුන් පීඩාවට පත්වන බව වනජීවී නිලධාරීහු පිරිසක් 'මව්බිම'ට ඊයේ (10දා) පැවැසූහ.
යාල වන උද්‍යානයට එකවර ඇතුළු කළ හැකි ජීප් රථ සංඛ්‍යාව දෙසීයකි. මේ වන විටත් යාල පලටුපාන ප්‍රධාන පිවිසුමෙන් සංචාරකයන් රැගත් ජීප් රථ තුන්සියයකට වැඩි සංඛ්‍යාවක් දිනකට ඇතුළු වන අතර එය ඇතැම් දීර්ඝ සති අන්ත නිවාඩුවලදී පන්සිය පනහකට වැඩි සංඛ්‍යාවක් වන බව නිලධාරීහු පවසති.
මෙසේ වැඩි ජීප් රථ ප්‍රමාණයක් වනෝද්‍යානයට ඇතුළු වීම නිසා වන සතුන් බියට පත්වී සැඟවෙන බවත් දුම සහ අධික ශබ්දය නිසා පරිසරය දූෂණය වන බවත් පරිසරවේදීහු කියා සිටිති.

යාල වන උද්‍යානයේ ජීප් රථ සංඛ්‍යාව වැඩිවීම නිසා සතුන්ට නිදැල්ලේ හැසිරීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති ආකාරය සහ බියට පත්ව සැඟවී සිටින ආකාරය එහි සංචාරය කළ 'මව්බිම' මාධ්‍යවේදී කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි විය.

විදේශීය සංචාරකයන් සිවුදෙනකුට ජීප් රථයක් රැගෙන යාල සංචාරය කිරීමට රුපියල් විසිදහසක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ. එවැනි මුදලක් වැය කර යාල සංචාරය කළත් ප්‍රමාණවත් සතුන් සංඛ්‍යාවක් දැක බලා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් කලකිරුණු ස්වභාවයකින් ඉන් පිටව යන ආකාරය අපට දැකගත හැකි විය. මේ තත්ත්වය තේරුම් ගනිමින් එයට පිළියම් යෙදීම වනජීවී විෂය භාර ඇමැතිවරයාගේ වගකීමක් බව එහි සිටි පරිසරවේදීන් පිරිසක් 'මව්බිම'ට පැවැසීය.
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon