කැබ් රථයක් එහි රියැදුරුට නින්ද යෑමෙන් පොළොන්නරුවේදී ත්‍රිරෝද රථයක ගැටී අයෙක් ජීවිතක්‍ෂයට

  👤  3166 readers have read this article !
By mawbima 2018-01-11

පොළොන්නරුව- බණ්ඩාර මුදියන්සේ, හිඟුරක්ගොඩ - ප්‍රියා

පොළොන්නරුව අක්කර 500 ප්‍රදේශයේදී කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (10දා) දහවල් පුද්ගලයකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අංක 29/2 ගුණසිංහ මාවත අක්කර පන්සීය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි ආර්.ජී. කරුණාරත්න නමැති පුද්ගලයෙකි. ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් අයකු තුවාල ලබා ඇති අතර කැබ් රථයේ රියැදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැබ් රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පරීක්‍ෂණ සිදු කරන පොලිසිය කියයි.

කැබ් රථය කඳුරුවෙල සිට නවනගරය දෙසට ධාවනය වෙමින් තිබූ අතර ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය නවනගරය දෙස සිට කඳුරුවෙල දෙසට ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ කැබ් රථය පළමුව ත්‍රිරෝද රථයේ ගැටී පසුව යතුරුපැදියේ ගැටීමෙන් පසු මාර්ගය ආසන්නයේ පිහිටි නිවෙසක ගේට්ටුවත් කඩාගෙන නිවෙසේ කුලුනක වැදී කැබ් රථය නතර වී ඇති බවත් මෙලෙස අනතුර වීමට හේතුව ලෙස පොලිසියට අනාවරණය වී ඇත්තේ කැබ් රථයේ රියැදුරුට නින්ද යෑම බවයි. මේ අනතුර හේතුවෙන් ත්‍රීවීල් රථයේ ගමන් ගත් එක් අයකු මියගොස් ඇති අතර එහි ගමන් ගත් අනික් දෙදෙනා බරපතළ තුවාල ලබා පොළොන්නරුව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් යතුරුපැදිකරුට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර යතුරුපැදියට හානි සිදුව තිබේ. කැබ් රථය සහ එහි රියැදුරු පොළොන්නරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ එම පොලිසිය විසින් පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon