කිලිනොච්චිය බස් නැවතුමක අලුත උපන් බිලිඳකු දමා ගිහින්

  👤  3174 readers have read this article !
By mawbima 2018-01-11

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චිය රෝහලට නුදුරින් පිහිටි බස් නැවතුමක 10දා දහවල් දමා ගොස් තිබූ අලුත උපන් බිලිඳකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට කළ දැනුම්දීමකින් පසු පොලිසිය පැමිණ එම බිලි¼දා රැගෙන ගොස් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා බිලි¼දාව කිලිනොච්චිය රෝහල වෙත භාරදී තිබේ. කිලිනොච්චිය දිසා විනිසුරුවරයා පොලිසියට නියෝග කොට ඇත්තේ බිලි¼දා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසයි.

පොලිසිය කිලිනොච්චිය රෝහලට ගොස් අලුත උපන් බිලිඳුන් හා එම බිලිඳුන්ගේ මවුවරුන්ගේ නාම ලේඛන රැගෙන බිලි¼දා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon