කඩින් කඩ වැස්සෙන් වන සතුන්ට ප්‍රීතිමත් සමයක් උදා වෙලා

  👤  3251 readers have read this article !
By mawbima 2018-01-11

කතරගම -
කේ.ඩී. සන්දිම

මේ දිනවල කඩින්කඩ ඇද හැලෙන කුඩා ප්‍රමාණයේ වැසිත් සමඟ වනයේ වන සතුන්ට වසන්ත කාලයක් මෙන් දිස් වී තිබේ. වියළී ගිය ගස් වැල්වලට නව පණක් ලැබීමත් සමඟ වන සතුන් තණ පිටිවල දැකිය හැකිය. මේ වන විට දෙස් - විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් බුත්තල - කතරගම මාර්ගයේ ඇති වෙහෙරගල යාල අංක 5 කලාපය වෙත පැමිණීම වැඩි වී තිබේ. මේ කලාපයේ වැඩි වශයෙන් ලංකාවේ සිටින දිවියන් විශාල ලෙස දැකිය හැකි නිසා දිවියන් නැරැඹීම පිණිස සංචාරකයන් මේ ප්‍රදේශය වෙත නිතර යනු ලබන්නේ වනයේ නිදැල්ලේ සිටින දිවියා හා මුවා දැක බලා ගැනීම පිණිසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon