යාපනේ දෙමළ මහා සභාවක් පිහිටුවන්න ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මියගිය විද්වතුන් 11දෙනකු සමරති

  👤  3290 readers have read this article !
By mawbima 2018-01-11

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

1974 වර්ෂයේදී යාපනයේදී දෙමළ මහා සභාවක් පිහිටුවීමට ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගිය දෙමළ විද්වතුන් එකොළොස් දෙනකු සිහි කිරීම පිණිස ඔවුන් මිය ගිය ස්ථානයේදී ඊයේ (10දා) පෙරවරුවේ විශේෂ උත්සවයක් පැවැත්විණි.

මේ පිරිස පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇත්තේ 1974 ජනවාරි මස 10 වැනිදාය. උතුරු පළාත් සභාවේදී මීට පෙර අවස්ථාවක ඔවුන්ව සිහි කිරීම පිණිස උත්සවයක් පැවැත්විය යුතු බවට යෝජනාවක්ද සම්මත කොට තිබිණි. මියගිය දෙමළ විද්වතුන් එකොළොස් දෙනා වෙනුවෙන් ඔවුන් මියගිය ස්ථානයේ ස්මාරක එකොළොහක් තනා ඇති අතර මින් ඉදිරියට සෑම වසරකම ජනවාරි මස 10 වැනිදා මේ ස්ථානයේදී ඔවුන්ව සිහිපත් කෙරෙන ගුණානුස්මරණ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමක් දිනාගැනීමට ගිය අවස්ථාවක ජාතිය වෙනුවෙන් ඔවුන් දිවි පිදූ බැවින් එදා ජීවිතය කැප කළ දෙමළ විද්වතුන් එකොළොස් දෙනාගේ නාම අමරණීය වන බව මේ අවස්ථාවට සහභාගි වූ උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු පිළිබඳ ඇමැතිනි ආනන්දි සෂිදරන් මහත්මිය කියා සිටියාය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්. කේ. ශිවාජිලිංගම්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon